මන්නාරමේ අස්ථි කොටස් කම්බිවලින් බැඳලා ? | දිනමිණ

මන්නාරමේ අස්ථි කොටස් කම්බිවලින් බැඳලා ?

මන්නාරම, සමූහ මිනිවල තුළින් මතුවු මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් ද්‍රව්‍යයකින් එක්ව සිටින ආකාරයට බැද තිබෙන ආකාරයේ අස්ථි කොටස කැනීම් තුළින් හමුවු බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පැවසූවේ එලෙස හමුවු අස්ථි කොටස මන්නාරම මහේස්ත්‍රත්වරයාගේ අවධානය පිණිස යොමුකොට ඇති බවයි.

අදාළ අස්ථි කොටස් දෙක කිසියම් ලෝහයකින් හෝ වෙනත් යමකින් ගැටගසා ඇතිද ? එලෙස නොවන්නේ නම් අදාළ අස්ථි කොටස්වල පැළදි වෙනත් ආභරණයක්ද ? නැතිනම් සිමෙන්ති බැදීමක්ද ? යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සදහන් කලේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් ඊයේ දිනය වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර,ඉන් සිරුරු 260 කට අදාළ කොටස් කැනීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිවි  ඇති බවයි.

නව අදහස දක්වන්න