පාසල් නිවාඩු සමයේ විශේෂ දුම්රිය සේවාවක් | දිනමිණ

පාසල් නිවාඩු සමයේ විශේෂ දුම්රිය සේවාවක්

පාසල් නිවාඩු කාලය නිමිත්තෙන් අද(07) සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කළේය.
 
කොළඹ-කොටුව සහ බදුල්ල අතර එම දුම්රිය සේවාව ලබන මස 5 වනදා තෙක් ක්‍රියාත්මකය.
 
ඒ අනුව උදෑසන 7.30ට විශේෂ දුම්රියක් කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා අද(07) සිට දවසක් හැර දවසක් ධාවනය කෙරේ. එසේම හෙට(08) සිට දවසක් හැර දවසක් බදුල්ලෙන් කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට යොදවා ඇත.

නව අදහස දක්වන්න