ගොවීන්ට නොමිලේ බීජ | දිනමිණ

ගොවීන්ට නොමිලේ බීජ

සියලු ගොවීන්ට නොමිලේ බීජ ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (5) පැවැති සාකච්ඡාවක දී උපදෙස් දුන්නේය.

මේ දිනවල ඇද හැලෙන වර්ෂාව සම්පතක් බව පැවසූ ජනාධිපතිවරයා එම සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට බීජ ලබාදීමේ වැඩපිළිවෙළ සකස් කරන ලෙස ද පැවසීය.

එසේම බීජ ලබාදීමේ කටයුත්ත සම්පූර්ණයෙන් ස්වාධීන විය යුතු යැයි අවධාරණය කළ ජනාධිපතිවරයා ඥාති, මිත්‍රාදීන් හට නොව සුදුසු පුද්ගලයන්ට බීජ නිකුත් කරන්නැයි උපදෙස් දුන්නේය.

පවතින වැසි සහිත කාලගුණය ආශිර්වාදයක් කරගෙන කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ වැඩපිළි‍වෙළ ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න