දුර්මත පරදන්න එජාපයට ප්‍රතිසංවිධාන | දිනමිණ

දුර්මත පරදන්න එජාපයට ප්‍රතිසංවිධාන

ශිරෝමි අබයසිංහ

විවිධ කණ්ඩායම් විසින් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ගෙන යන දුර්මත පරාජයට පත් කරමින් යථාර්ථය සමාජගත කිරීමත්, නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සමාජය තුල ස්ථාපිත කිරීමත් අරමුණු කර ගනිමින් පක්ෂයට අනුබද්ධ සංවිධාන සියල්ල තවදුරටත් පුළුල් කරමින් ප්‍රතිසංවිධානය කිරීමට එම පක්ෂය සුදානම් වේ.

සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් මහා සංඝරත්නය ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය, රණවිරුවන්, සිවිල් සංවිධාන, වෘත්තිකයන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගොවීන්, විදෙස් ශ්‍රමිකයන් ඇතුළු සමාජය නියෝජනය කරන සියලු ක්ෂේත්‍රයන්ට අයත් ජනතාව මේ සඳහා එක් කර ගැනීමට ක්‍රියා කෙරේ.

මෙහි මුලික පියවරයක් ව‍ශයෙන් එක්සත් ජාතික පක්ෂය අනුබද්ධ ආයතන සංවිධාන කොට නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධාන කර ලද විශේෂ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

පක්ෂ මහලේකම් නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්මෙම රැස්වීම පැවැත්විණි.

මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අාශු මාරසිංහ, විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා සහ අනුබද්ධ සංවිධාන නියෝජනය කරන සාමාජික සාමාජිකාවෝ රැසක් එක්වූහ.

නව අදහස දක්වන්න