ජංගම දුරකථනය බලා පිළිතුරු ලියූ බාහිර අයදුම්කරු දැලේ | දිනමිණ

ජංගම දුරකථනය බලා පිළිතුරු ලියූ බාහිර අයදුම්කරු දැලේ

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ අංක 1 සහ 02 පත්‍ර වලට ජංගම දුරකනයක් කකුල් දෙකේ සඟවා ගෙන එයට ලැබෙන එස්.එම්.එස්. කෙටි පණිවිඩ මගින් පිළිතුරැ සපයමින් සිටි බලන්ගොඩ ප්‍රදේශයේ බාහිර අයදුම් කරැවෙක් සමිබන්ධයෙන් ඊයේ (6) පැමිණිලක් ලැබුණු බව බලන්ගොඩ පොලීසිය පැවසීය.

සිද්ධිය සමිබන්ධයෙන් එම සාමාන්‍ය පෙළ අයදුම්කරු බලන්ගොඩ පොලීසිය වෙත රැගෙන ගොස් තිබූ අතර ඔහුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය කීය

මෙම අයදුම්කරුට කෙටි පණිවිඩ මගින් උපකාරක පංති පවත්වන ගුරුවරයකු ජංගම දුරකතනයට පිළිතුරු එවා ඇති බවට අණාවරණය වී ඇති බැවින් එම ගුරුවරයා සමිබන්ධයෙන් මෙම අයදුම් කරුගෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිතය.

බලන්ගොඩ ජෙයිලාන විදුහලේ විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනීසිටි බාහිර අයදුමිකරුවකු මෙලෙස ජංගම දුරකනයක් ළඟ තබා ගනිමින් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි බවට බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පැමිණිලක් ලැබුණු බව පොලීසිය පැවසීස.

බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උප පරිදි පොලිස් පරික්ෂක ධර්මරත්න මහාතා පරීක්ෂණ පවත්වයි.

බලන්ගොඩ විශේෂ, සම්පත් ප්‍රියනන්දන

නව අදහස දක්වන්න