අභියාචනාධිකරණ තීන්දුවට විරුද්ධයි | දිනමිණ

අභියාචනාධිකරණ තීන්දුවට විරුද්ධයි

මහින්ද අලුත්ගෙදර

අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය සිය ධූරවල කටයුතු කිරීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කළේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ඊයේ (6) පස්වරුවේ පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ මහතා,

රජයක් විදියට අපි වැඩ කරගෙන යනවා. අධිකරණය ලබාදීමට නියමිත තීන්දුව සම්බන්ධයෙන් මට කිසිවක් කියන්න බැහැ. ඒ තීන්දුව අද හෝ වෙනත් දිනයක දෙන්න පුළුවන්. අද අපේ කණ්ඩායම කරුණු ඉදිරිපත් කර අවසන් කරනවා. අගමැතිවරයා සහ ඇමැතිවරු රටේ ඉන්නවා. තනතුර තිබෙනවා. නමුත් වැඩ කරන්න බැහැ. අපි ඒ තීන්දුවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ තීන්දුව වැරැදියි කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එය ලෝකයේ කිසිඳු රටක සිදුනොවුණු දෙයක්. පහළ අධිකරණයකින් මෙවැනි තීන්දුවක් දීම පළමු වරටයි සිදුවුණේ. අපි රජයේ සේවයකයන් නොවේ. ඒ නිසා මේ තීන්දුව වැරැදියි කියන මතයේ අපි ඉන්නවා.

වත්මන් කතානායකවරයා රටේ විනාශය වෙනුවෙන් වැඩ කරනවා. මැතිවරණයක් සඳහා අපි සූදානම් වෙනවා. අපි ආවේ මැතිවරණයක් තියන්න. එදා බාර ගන්න විටත් මැතිවරණයක් ගැන කිවුවා. දැනුත් කියනවා මැතිවරණය ගැන. කෙසේ හෝ මැතිවරණයක අවශ්‍යතාව තිබෙනවා. මට නොව රටේ ජනතාවට මැතිවරණයක අවශ්‍යතාව තිබෙනවා. මට පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. රටේ ජනතාව මේ රටේ බහුතර ජනතාවගේ එකම පරමාර්ථය මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කරන්නයි.

එක්සත් ජාතික පක්ෂය ඡන්දයට බයයි. දේශපාලනඥයන් ඡන්දයට බියවිය යුතු නැහැ. අපියි ඡන්දයකට බය වියයුත්තේ. අපි හිටියේ විපක්ෂයේ. බිය වෙන්න දෙයක් නැහැ. ඡන්දයක් කීවාම මෙයාලාගේ කකුල් වෙව්ලනවා.

එක්සත් ජාතික පක්ෂය අපිට අපහාස කරනවා. බොරු කියනවා. එයාලා පළිගැනීමට දේශපාලන වශයෙන් නඩු පවරා ඉවරයි. නඩුවලට බියේ ආණ්ඩු පිහිටෙව්වා කියනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. නඩු දාලා ඉවරයි. අපේ දරුවන් හිරේ ගියා. ඉතිං අපි ඊට මුහුණ දෙන්න උසාවියේ දී සූදානම්. අද ජනතා විමුක්ති පෙරමුණ රනිල්ගේ හඬ බවට පත්ව තිබෙනවා.

නව අදහස දක්වන්න