දෑවැදි ගෙන යන බව කී කැවිලි පෙට්ටියේ ලක්ෂ 13ක ගංජා | දිනමිණ

දෑවැදි ගෙන යන බව කී කැවිලි පෙට්ටියේ ලක්ෂ 13ක ගංජා

වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දෑවැද්ද ලෙස රැගෙන යමින් තිබූ පෙට්ටියක රුපියල් ලක්ෂ 13ක් වටිනා ගංජා කිලෝ 13ක් සමඟ සැකකරුවන් දෙදෙනකු උඩුනුවර වෙලම්ගොඩ පොලිසිය මඟින් ගම්පොල දී අත්අඩංගුවට ගෙන ඇත.

මඟුල් ගෙදරට අවශ්‍ය කැවුම් ඇතුළු කැවිලි පෙට්ටියක් ලෙස සැකසූ කාඩ්බෝඩ් පෙට්ටියක අසුරා තිබූ ගංජා තොගයක් හා ගමන් බෑගයක තිබූ ගංජා තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ගම්පොල පේරාදෙණිය ගෙලිඔය ඇතුළු මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශ සඳහා වැල්ලවායේ සිට ගංජා බෙදාහැරීමක් සිදුකිරීම පිළිබඳව ලද තොරතුරකට අනුව කාලයක් තිස්සේ වෙලම්බොඩ පොලිසිය මඟින් මෙම ගංජා ජාවාරම වැටලීම පිළිබඳ සැලසුම් සකස් කර තිබුණි. ඒ අනුව ගංජා මිලදී ගන්නා මුදලාලි කෙනෙකු ලෙස උපාය දූතයකු යොදවා මේ ජාවාරම අල්ලා ගැනීමට සැලසුම ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අතර මේ සැකකරුවන් දෙදෙනා මහනුවර බසයකින් ගංජා රැගෙන යමින් සිටිය දී වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති පො. ප. ශාන්ත බණ්ඩාර මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එම බසයට ගොඩවී සැකකරුවන් හඳුනාගෙන කාඩ්බෝඩ් පෙට්ටිය පිළිබඳ විමසීමේදී ගමට කැන්දාගෙන ගිය මනමාලියට දෑවැදි රැගෙන යන බව පවසා තිබේ. ගම්පොල පාලම අසල බස් නැවතුමේ දී ඒ ගැන වැඩිදුර පරීක්ෂා කිරීමේ දී ගංජා අසුරා තිබූ පාර්සල් 13ක් සොයා ගැනීමට හැකිවී තිබුණි.

ගම්පොල සමූහ

නව අදහස දක්වන්න