Thursday, දෙසැම්බර් 6, 2018 - 11:12
චීන දුරකථන සන්නිවේදනයේ දැවැන්තයා වන හුවාවි ආයතනයේ නිර්මාතෘගේ දියණිය මෙන්ග් වන්ෂුස්, කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අමෙරිකානු නීතීඥයින්ගේ ඉල්ලීමකට අනූව ඇයව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
ඇය හුවාවි ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර එහි උපසභාපතිවරිය ලෙස ද ක්‍රියා කරනු ලැබේ.
මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇය විරුද්ධත්වය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ දෙසැම්බර් 01වනදා ය.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හුවාවි ආයතනයට එරෙහි අමෙරිකා එක්සත් ජනපදය විමර්ශන ආරම්භ කර තිබුණි.
අදහස් 1ක් ඇත
හුවාවි නිර්මාතෘගේ දියණිය අත්අඩංගුවට
නව අදහස දක්වන්න