ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය සීමා කිරීමට යයි | දිනමිණ

ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය සීමා කිරීමට යයි

තෙල් නිෂ්පාදනය සීමා කිරීමට ඔපෙක් සංවිධානයේ දැඩි අවධානය යොමු වී තිබේ . ඒ අනුව දිනකට තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 1.3ක් දක්වා අඩු කිරීමට ඔපෙක් මිත්‍ර පාර්ශ්ව එකඟතාවට පැමිණෙනු ඇත.

තෙල් නිෂ්පාදනය සීමා කිරීම සඳහා ප්‍රබලම බාධකය පැවැතියේ රුසියානු විරෝධය බව මීට පෙර වාර්තා විය. මේ සම්බන්ධයෙන් ඔපෙක් සාමාජික රටවල් අද දිනයේ දී වියානා හි දී සාකච්ඡා කර හෙට දිනයේ දී රුසියාව සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

මේ වන විට ලෝක ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වීමත්, අමෙරිකාවේ නිෂ්පාදනය වැඩි වීමත් නිසා තෙල් අතිරික්තයක් ඇති වනු ඇති බවට පවතින සැකය හේතුවෙන් බොර තෙල් මිල පහත වැටෙමින් පවතී.

නව අදහස දක්වන්න