ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන්ට ලිංගික හිංසන | දිනමිණ

ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන්ට ලිංගික හිංසන

ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ලක් වන බව ඇෆ්ගනිස්තානයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා නිලධාරීන් පිළිගෙන ඇත.ඔවුන් පමණක් නොව අනෙකුත් සියලු ක්‍රීඩාවලට සම්බන්ධ කාන්තාවන් ද එසේ හිංසනයට ලක්වන බව ඔවුහු පිළි ගනිති.

තාලිබාන් සංවිධානයේ පාලනයෙන් මිදුණු ඇෆ්ගනිස්ථානයේ ආරම්භ කළ කාන්තා පාපන්දු කණ්ඩායම එරට කාන්තාවන්ගේ නිදහසේ සංකේතය ලෙස හඳුන්වනු ලැබේ.

සිය පුහුණුකරුවන් සහ ක්‍රීඩා නිලධාරීන් සිදු කරන ලිංගික හිංසන ගැන විවෘතව කතා කිරීමට බොහෝ ක්‍රීඩිකාවන් බිය පළ කර ඇති නමුත් කීපදෙනෙක් තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් ගැන විදෙස් මාධ්‍ය ඉසිරියේ හෙළි කර ඇත. ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩිකාවන්ට සිදුව ඇතැයි පවසන හිංසන ගැන පරීක්ෂණ පැවැත්වීමට ෆීෆා ජගත් පාපන්දු පාලක මණ්ඩලය (Fifa) කටයුතු කර ඇත. ඉන්පසු, ඇෆ්ගනිස්තාන නීතිපති දෙපාර්තමේන්තුව ද මේ ගැන පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කරයි.

නව අදහස දක්වන්න