මිරි­ස්සහි ඉදි­වෙන සුන්දර මුහු­දු­බඩ නිවාඩු නිකේ­ත­නය The Loft | දිනමිණ

මිරි­ස්සහි ඉදි­වෙන සුන්දර මුහු­දු­බඩ නිවාඩු නිකේ­ත­නය The Loft

ගතානුගතික ජීවන ක්‍රමයටම නොඇලී වෙරළබඩ තීරය දිගේ සාගර ආසන්නයට ප්‍රවිෂ්ට වන Provident Capital (Pvt) Ltd මෑතකදී තම නවතම ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීය. ලාංකීය සංචාරක කර්මාන්තයේ මධ්‍ය ලක්ෂය වූ මිරිස්සහි ඉදිවීමට නියමිත The Loft අසමසම වටිනාකමකින් හා පහසුවකින් සහිත දේපළ ආයෝජනයක් ලෙස සැලකිය හැක.

වර්ග අඩි 650 කින් යුත් තනි නිදන කාමර සහ වර්ග අඩි 1,012 කින් යුත් නිදන කාමර දෙකක් සහිත මහල් නිවාසවලින් සමන්විත මෙය අංග සම්පූර්ණ ගෘහ භාණ්ඩවලින් ද සමන්විත වන අතර, ඉහළ සේවාවන් හා ගුණාත්මක බවින් යුතු මහල් නිවාසයක් ලෙසට මනාව කළමනාකරණය කොට ඇති බැවින් නිවාඩු නිකේතනය ඔබට තමන්ගේම වාසස්ථානයක සිටිනවා මෙන් සිටිය හැක.

වාර්ෂික ආයෝජන මත 6% සිට 8% ක සාමාන්‍යය පොලී ප්‍රතිලාභයක් ඇති අතර මාසික සේවා ගාස්තු, උපයෝගිතා බිල්පත් මෙන්ම රක්ෂණ ආදී සියලුම පිරිවැය වසර 5ක කාලයක් සඳහා Provident Capital විසින් දරනු ඇත.

‘The Loft‘ හි සිට බැලූ විට සුප්‍රසිද්ධ මිසිරිස්ස වරාය හා සිත්ගන්නා සුලු නගරය මෙන්ම පරිසර හිතකාමී වටාපිටාව වැනි සුන්දර දර්ශනයක් දිස්වෙන අතර, අහස උසට ඉදිවෙමින් පවතින මේ ගොඩනැඟිල්ල සුඛෝපභෝගී තටාකයක්, විවේකාගාරයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක් මෙන්ම ව්‍යාපාරික මධ්‍යස්ථානයකින් ද යුක්ත වේ.

නව අදහස දක්වන්න