සුපිරි දිවි පැවැ­ත්ම­කට Supreme Floors | දිනමිණ

සුපිරි දිවි පැවැ­ත්ම­කට Supreme Floors

කොළඹ නගර මධ්‍යයෙහි පිහිටා ඇති, උසස් තත්වයෙන් යුත් , නවීන හා නව නිපැයුම් බිම් ඇතුරුම් නිෂ්පාදන හඳුන්වාදෙන CeyaCon හි ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන Supreme Floors මේ වසරේ මුල් භාගයෙහි පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ප්‍රදර්ශනයෙහි දී ඇගයීමට ලක් විය.

එසේම ගෘහනිර්මාණ ශිල්පී 2018 ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කල Supreme Floors නිෂ්පාදන ජනතා අවධානයක් දිනා ඇති අතර සැබෑ ජීවිතයේ මෙන් අත්දැකීමක් ලබා දෙමින් තමන්ට තෝරා ගැනීමට අවශ්‍ය නිෂ්පාදන පිළිබඳ මනාව දැනුවත්වීමට හැකියාව ලබා දී ඇත.

වසර 5ක් වැනි කෙටි කාලයක් තුළදී Supreme Floors ඔවුන්ගේ නාමය ස්ථාපිත කරගෙන ඇති අතර, නවීන මෝස්‌තර සඳහා තාක්ෂණික ක්‍රම භාවිත කරන්නන් ලෙස ද පිළිගැනීමට පාත්‍ර වී ඇත. ඔවුන්ගේ සුපරික්ෂාකාරී ආලේපන ගෘහස්ථ බිම් සහ එළිමහන් අංගණද ඇතුළත් කර ගනිමින් පුළුල් පරාසයක් හා විහිදී යයි. එසේම ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල බෙදා හරින්නන් ලෙස ජාත්‍යන්තරව පිළිගත් සන්නාම සමඟ සහයෝගීව කටයුතු කර ද ඇත. ජර්මනියේ KRONO-ORIGINAL Laminate Flooring, අමෙරිකාවේ NewTechWood මගින් සිදුකෙරෙන ULTRASHIELD-NATURALE Composite Outdoor Decking තවත් ජාත්‍යන්තර සන්නාම නාමයන් ඒ අතර වේ.

නූතන හෝ සම්භාව්‍ය වුවද KRONO-ORIGINAL laminate floors සැබෑ ලෙසම කාමර සුවපහසු අවකාශයක් බවට පත් කිරීම සඳහා පහසුකම් සපයන අතරම සිය නිෂ්පාදන මෝස්‌තර නිශ්චිත තත්වයෙන් ඔවුන්ගේ පොරොන්දුවලට හානි නොවන ලෙස තෝරා ගැනීමටද අවස්ථාව Supreme Floors ලබා දේ.

නව අදහස දක්වන්න