වීරා Roofing ඕනෑම දිග­කින් ගැනී­මට i-Roof කර්මා­න්ත­ශාලා පහ­සු­කම් සළ­සයි | දිනමිණ

වීරා Roofing ඕනෑම දිග­කින් ගැනී­මට i-Roof කර්මා­න්ත­ශාලා පහ­සු­කම් සළ­සයි

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වා දුන් Idea සමූහ ව්‍යාපාරයේ නවතම නිෂ්පාදනය වන ‘වීරා’ Roofing ඕනෑම දිග ප‍්‍රමාණයකින් සැපයිය හැකි ආකාරයට පසුගියදා තම කටානේ පිහිටි කර්මාන්තශාලාවෙහි පහසුකම් සළසනු ලැබීය. පසුගිය සැප්තැම්බර් මාසයේදී කොළඹ පැවැති Construct – 2018 ප‍්‍රදර්ශන භූමියේදී වෙළෙඳ පොළට හඳුන්වා දුන් ‘වීරා’ Roofing ඉතාමත්ම කෙටි කලක් තුළ මෙරට පාරිභෝගිකයන් වැඩිම උනන්දුවක් දක්වන සෙවිලි නිෂ්පාදනය බවට පත්වූයේ එය මෙරට වෙළෙඳ පොළෙහි අලෙවි කෙරෙන සෙසු සෙවිලි නිෂ්පාදනවල වූ සියලු දුර්වලතා මඟ හරිමින් විශේෂිත Polymer හා ASA සංයෝගයකින් නිමවූවක් වීම හා දිවයින පුරා පිහිටි ඕනෑම හාර්ඞ්වෙයාර් අලෙවිසලකින් මිලදීගත හැකිවීමෙනි. එහෙයින් ‘වීරා’ Roofing තම වහලයේ දිගට අනුව ලබාගත හැකි දැයි පාරිභෝගිකයන් කළ බොහෝ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඕනෑම දිගකින් සෙවිලි සැපයීමට Idea සමාගම තීරණය කෙරුණි. ඒ අනුව ‘වීරා’ Roofing දිග් අඩිය රුපියල් 98 සිට දැන් පාරිභෝගිකයන්ට ලබාගත හැක.

මෙරට පාරිභෝගිකයන්ට වඩාත් හුරුපුරුදු ඇස්බැස්ටෝස් හැඩයට සමාන පුරුදු රැල්ලකින් යුත් ‘වීරා’ Roofing දැන් ඕනෑම දි`ගකින් ලබාගත හැකිවීමෙන් එය සවිකිරීම පහසුවන්නා සේම වහලයට කදිම නිමාවක් එක් කෙරේ. එමෙන්ම සෙවිලි සවි කිරීමේදී දිග අතට over Lap කිරීම අනවශ්‍යවීමෙන් ජලය කාන්දුවීමද සිදු නොවේ. තවද ශරීරයට අහිතකර ඊයම් රහිත ඉතා ආරක්ෂාකාරී නිෂ්පාදනයක් වන මේ ‘වීරා’ Roofing යකඩ සංයෝග අඩංගු නොවීමෙන් මළ බැඳීමකින් තොර වූවක් හෙයින් මුහුදුබඩ හා නිතර වැසි වසින ප‍්‍රදේශයන් හි වහලය සෙවිලි කිරීමට වඩාත් යෝග්‍ය වූවකි. නිෂ්පාදන ක්‍රියාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර ISO 9001:2015 ප‍්‍රමිති සහතිකය යටතේ නිපදවන ‘වීරා’ Roofing වර්ග මීටරයක් මත කිලෝග‍්‍රෑම් 200ක බරක් දරාගත හැකි ශක්තියකින් යුත් නිෂ්පාදනයක් වන අතර, ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වර්ණය වෙනස් නොවන්නකි.

නව අදහස දක්වන්න