රජයේ උත්සව පෞද්ගලික තැන්වල පැවැත්වීම් තහනම් | දිනමිණ

රජයේ උත්සව පෞද්ගලික තැන්වල පැවැත්වීම් තහනම්

රජයේ උත්සව සහ රැස්වීම් රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතනවල දී පමණක් සිදු කල යුතු බව සියලු රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලූම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන්  සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපතිවරයා දැනුම් දී ‍ඇති බවයි.

ජනපතිගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක‍්‍රලේඛයක් මඟින් සියලූ රාජ්‍ය නිලධාරින්ට අද මේ බව දන්වා තිබේ.

නව අදහස දක්වන්න