උත්සව සමයට 20වනදා සිට ලංගම විශේෂ බස්රථ සේවා | දිනමිණ

උත්සව සමයට 20වනදා සිට ලංගම විශේෂ බස්රථ සේවා

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ලබන 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.
 
එම බස් සේවය ජනවාරි 02 වන දා දක්වා ක්‍රියාත්මකය.
 
ඊට අමතරව උත්සව සමය වෙනුවෙන් ලබන 15 වන දා සිට කෙටි ගමන් සේවා බස් ද ක්‍රියාත්මක කෙරෙන බවත් එම බස් රථ මීගමුව, ජා-ඇල වෙන්නප්පුව ආදී ප්‍රදේශ ඉලක්ක කර ධාවනය කෙරෙන බවද සිරිවර්ධන මහතා පැවසීය.

නව අදහස දක්වන්න