බිලියන දෙකක හෙරොයින් සමඟ දෙදෙනෙක් දැලේ | දිනමිණ

බිලියන දෙකක හෙරොයින් සමඟ දෙදෙනෙක් දැලේ

රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් සමග සැකකරුවන් දෙදෙනෙකු බේරුවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවය.
 
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාවේ සහය ඇතිව බලපිටිය හා බේරුවල අතර මුහුදු තීරයේ  ඊයේ(05) රාත්‍රී සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
එහිදී ඔවුන් සතුව තිබී රුපියල් මිලියන 2778කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54ක තොගයක් සොයාගෙන තිබේ.  හෙරොයින් තොඟය ප්‍රවාහනය කළ බෝට්ටුවක් ද එම වැටලීමකදී සොයාගෙන ඇත.
 
මෙය මෙරටින් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 34 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න