ආසියානු කුසලාන නැඟී එන ක්‍රිකට් තරගාවලිය අද සිට | දිනමිණ

ආසියානු කුසලාන නැඟී එන ක්‍රිකට් තරගාවලිය අද සිට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය නැඟී එන යොවුන් ක්‍රීඩකයන් උදෙසා සංවිධාන කරන ආසියානු කුසලාන නැඟී එන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (6) පාකිස්තානයේදී ආරම්භ වෙයි.

පාකිස්තානය සමගින් ශ්‍රී ලංකාව සම සත්කාරකයන් ලෙස කටයුතු කරන මේ තරගාවලියට රටවල් 8ක් සහභාගී වෙයි. අද ආරම්භ වන ‘බී’ කාණ්ඩයේ දී සත්කාරක පාකිස්තානය හොංකොං පිල සමගත්, බංග්ලාදේශය, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය සමගත් තරග වැදීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩය යටතේ සත්කාරක ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ඕමානය තරග බිමට එක්වෙයි. තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය කොළඹදී පැවැත්වේ.

‘බී’ කාණ්ඩයේ තරග සටහන

අද (6): පාකිස්තානය - හොංකොං (කරච්චි ජාතික ක්‍රීඩාංගණය)

බංග්ලාදේශය - එක්සත් අරාබි එමීර් රාජ්‍යය (කරච්චි සවුත්එන්ඩ් ක්‍රීඩා සමාජ පිටිය)

හෙට (7): පාකිස්තානය - එක්සත් අරාබි එමීර් රාජ්‍යය (කරච්චි ජාතික ක්‍රීඩාංගණය)

බංග්ලාදේශය - හොංකොං (කරච්චි සවුත්එන්ඩ් ක්‍රීඩා සමාජ පිටිය)

දෙසැ. 9: පාකිස්තානය - බංග්ලාදේශය (කරච්චි ජාතික ක්‍රීඩාංගණය)

හොංකොං - එක්සත් අරාබි එමීර් රාජ්‍යය (කරච්චි සවුත්එන්ඩ් ක්‍රීඩා සමාජ පිටිය)

අවසන් පූර්ව වටය

දෙසැ. 13 පළමු අවසන් පූර්ව තරගය (‘බී’ කාණ්ඩයේ 1 සහ ‘ඒ’ කාණ්ඩයේ 2 - කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය)

දෙවැනි අවසන් පූර්ව තරගය (‘ඒ’ කාණ්ඩයේ 1 සහ ‘බී’ කාණ්ඩයේ 2 - කොළඹ සී. සී. සී පිටිය)

දෙසැ. 15 අවසන් මහා තරගය (කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය)

 

නව අදහස දක්වන්න