හාෆීස් ටෙස්ට් පිටියට සමුදෙයි | දිනමිණ

හාෆීස් ටෙස්ට් පිටියට සමුදෙයි

පාකිස්තාන ක්‍රිකට් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක හාෆීස් මොහොමඩ් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. නවසීලන්තයට එරෙහිව අබුඩාබි නුවර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියට සමුදෙන බව 38 හැවිරිදි හාෆීස් එරට තේරීම් කමිටු සභාපති ඉන්සමාම් උල් හක්ට දැන්වීමෙන් පසුව නිවේදනය කළේය. එම තරගයේ පාකිස්තාන පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය හාෆීස් ඉදිරියේදි එක්දින තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇත.

වසර 15ක් පුරා ටෙස්ට් පිටියේ ක්‍රීඩා කළ නවසීලන්තය සමග පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයට පෙර තරග 54කදී ටෙස්ට් ශතක 10ක් වාර්තා කිරීමට සමත්වූ හාෆීස් මෑත කාලයේ ලකුණු අතරට සේන්දු වීමට සමත්වූයේ නැත.

නව අදහස දක්වන්න