ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇප | දිනමිණ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇප

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.
 
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විජේගුණරත්න මහතාව අද(05) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් පසුගිය 28වනදා නියෝග කළේය. 
 
ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ තරුණයින් 11දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි වෙත රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දීය.

නව අදහස දක්වන්න