බහරේනයේ 2018 වසරේ මැතිවරණ ඓතිහාසිකයි | දිනමිණ

බහරේනයේ 2018 වසරේ මැතිවරණ ඓතිහාසිකයි

පාර්ලිමේන්තුවට කතුන් 6ක්

බහරේනයේ මෙතෙක් පැවති මැතිවරණ අතරින් 2018 වසරේ පැවති මැතිවරණ ඓතිහාසික වන බව එරට වැසියෝ පවසති. ඒ මෙවර පාර්ලිමේන්තුව සඳහා කාන්තාවන් 06 දෙනකු පත්වීමත් සමඟයි. මෙය සැබැවින්ම බහරේන් ජාතිකයන් ලැබූ ජයග්‍රහණයක් බව පවසන බහරේන් පුරවැසි සංවිධානයේ ප්‍රකාශක මොහොමඩ් අල්-සයිඩ් තම රටේ ස්ත්‍රී පුර්ෂ සමානත්වය පිළිබඳ දක්වන විශ්වාසය බහරේන් සමාජයට හා දේශපාලනයට, කාන්තා දායකත්වය ලබා ගැනීමේ අවස්ථාව උදා කර දුන් බව පවසයි. මේ තවදුරටත් නගා සිටුවිය යුතු බව ද කාන්තා දායකත්වයේ වැදගත්කම බහරේන් ජාතිකයන්ට වඩ වඩාත් වටහා දිය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න