දේශගුණික විපර්යාසවලට එරෙහිව ක්‍රියා කරන රටවල්වලට ආධාර | දිනමිණ

දේශගුණික විපර්යාසවලට එරෙහිව ක්‍රියා කරන රටවල්වලට ආධාර

දේශගුණික විපර්යාසවලට එරෙහිව කටයුතු කරන රටවල් සඳහා වසර 05ක් පුරා අමෙරිකා ඩොලර් බිලියන දෙසීයක ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවක් පෝලන්තයේදී පැවැත්වුණු අතර එම සමුළුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරුන් සිව් දෙනෙකු ද එක්ව සිටි බව වාර්තා වේ. ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීමට සියලු රටවල කැපවීම අනිවාර්ය බවයි එහිදී තීරණය විය. 2030 වසර වන විට සියයට 45 කින් අහිතකර වායු පරිසරයට මුදා හැරීම පාලනය කර ගැනීමට අසමත් වුවහොත් පෘථිවිය දැඩි පාරිසරික අර්බුදයකට ලක් විය හැකි බැවින් ඉදිරි වසර දෙක තුළ මේ සදහා ගන්නා ක්‍රියාමාර්ග වඩා තීරණාත්මක වනු ඇතැයි ඔවුන් කියා මෙහිදී අවධාරණය කළේය.

නව අදහස දක්වන්න