බුෂ්ගේ දේහයට ට්‍රම්ප් සහ ඔබාමා යුවළ අවසන් ගෞරව දක්වති | දිනමිණ

බුෂ්ගේ දේහයට ට්‍රම්ප් සහ ඔබාමා යුවළ අවසන් ගෞරව දක්වති

ට්‍රම්ප් යුවළ අමෙරිකාවේ 41 වැනි ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ්ගේ දේහයට අවසන් ගෞරවය දැක්වීය. ඒ අතර ඔහුගේ අවමංගල උත්සවයට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපති බිරියක වන මිෂෙල් ඔබාමා සිය පැරිස් හා බර්ලිව් සංචාරය අවලංගු කර ඇත. මේ අවස්ථාවට සහභාගි වන රාජ්‍ය නායකයන් අතරට බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු ද වන බව තහවුරු කර තිබුණි.

ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ සහායකයා වූ "සලි" ඔහුගේ දේහය අසල ශෝකයෙන් වැතිර සිටින අයුරු අවමංගල කටයුතු සජීව විකාශය ගෙන එන මාධ්‍ය හරහා දක්නට ලැබුණි.

අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති බුෂ් ‍වෙනුවෙන් රාජ්‍ය අවමංගල උත්සවය අද (05) වොෂින්ටනයේ ජාතික දේවස්ථානයේ දී පැවැත්වේ. අද දිනය ජාතික ශෝක දිනයක් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළේය.

රාජ්‍ය උත්සවයෙන් පසු එම දේහය ඔහු ජීවත් වූ හූස්ටන් වෙත රැගෙන යාමට නියමිතය. දෙවැනි සමරු දේව මෙහෙය හූස්ටන්හි ශාන්ත මරියාගේ බිෂොප්වරුන් පිළිබඳ දේවස්ථානයේ දී පැවැත්වෙනු ඇත.

 

නව අදහස දක්වන්න