Tuesday, දෙසැම්බර් 4, 2018 - 10:14
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් විසින් අභාවප්‍රාප්ත හිටපු අමෙරිකා ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ්ගේ දේහය අවසන් ගෞරව දැක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන බ්‍රහස්පතින්දා සිදු කෙරේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ ජනාධිපති පුස්තකාල භූමියේ දී එම අවසන් කටයුතු සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වන ජෝර්ජ් හර්බට් වෝල්කර් බුෂ් හෙවත් ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් මහතා ඉකුත් නොවැම්බර් 30 වැනිදා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 94කි.
ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකාවේ ජනාධිපතිධූරය දැරීය. අභාවප්‍රාප්ත ජනාධිපතිවරයාට ගෞරව දැක්වීම සඳහා ලබන බදාදා දක්වා දේහය, වොෂිංටන් නුවර, අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලේ තැන්පත් කර ඇත.
දේහය, ටෙක්සාස්හි ජනාධිපති පුස්තකාල භූමියේ පිහිටි බුෂ් ආර්යාව තැන්පත් කර ඇති ස්ථානයේ ම මිහිදන් කිරීමට නියමිතයි.
නව අදහස දක්වන්න