රට විනාශ නොකර දැන්වත් මහින්ද ගෙදර යන්න | දිනමිණ

රට විනාශ නොකර දැන්වත් මහින්ද ගෙදර යන්න

උදුලා පීරිස්

හරීන් ප්‍රනාන්දු

මේ රට තව දුරටත් විනාශ නොකර උසාවි තීන්දුව පිළිඅරගෙන මහින්දට දැන්වත් ගෙදර යන්න කියලා අපි කියනවා.

එසේම මේ රට බිලි නොදෙන ලෙසද එතුමාගෙන් ඉල්ලා සිටින බව ද බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (3) රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.

පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිනවල සාමකාමීව පැවැති යුක්තියේ යාත්‍රාවට සහාය දුන් සැමට ස්තුතිය පුද කරනවා. අපි ගහගෙන මරාගෙන නෙමෙයි එම ගමන ගියේ. පාරේ සිටින මිනිස්සු අපිට පාන් කෑල්ලෙන් හරි සංග්‍රහ කළා. අපි එම යාත්‍රාවට යොදා ගත්තේ අපිට වැඩි ඡන්ද නොමැති පළාත් වලයි. එම ගමන හම්බන්තොටින් පටන් ගෙන මහියන්ගනයෙන් අවසන් කළා. නමුත් අපි එදා අපිට ඡන්දය වැඩියෙන් තියෙන කුරුණෑගල, බදුල්ලට ගියේ නැහැ.

කොහොම වෙතත් අපිව මිනිස්සු කෑගහල පිළිගත්තා. මිනිස්සු දන්නවා මහින්ද රට විනාශ කරන බව. මේ යුක්තියේ යාත්‍රාවට පක්ෂයක් නොමැතිව හඬක් නැගූ සැම දෙනාටම අපි ස්තුති කරනවා. අභියාචනාකරණ තීන්දුව සැරට තියෙනවා. උසාවියට ගරු කරනවානම් කිසිම මාධ්‍ය ආයතනයකට ඉදිරියේ දී අග්‍රාමාත්‍ය මහින්ද කියන්න බැහැ.

ඉතිහාසයේ ලංකාවේ කුලුනු තුනක් තියෙනවා. අධිකරණය, ව්‍යවස්ථාදායකය හා විධායකය කියලා. අද අධිකරණ තීන්දුව දුන්නේ මින්පසු අප රටේ අගමැති මැති ඇමැතිවරුන් නොමැති බවයි.

මෛත්‍රී මහින්දව දේශපාලනයට දාල මේ රටේ ගෙල සිද දැම්මා. සාමාන්‍යයෙන් ශේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නම මහින්ද අගමැති නෙමෙයි කියලා පොඩි ළමයෙක් වුනත් දන්නවා.

සිරිසේනටයි රාජපක්ෂටයි තියෙන්නේ බල ලොභීකමයි.

ඉදිරි මැතිවරණයකදී මහින්දට නම් මන්ත්‍රීකමක් හෝ ලබාගත හැකියි. නමුත් මෛත්‍රීට සමූපකාර මන්ත්‍රී කමක්වත් හම්බවෙන්නේ නැතැයිද වැඩිදුරටත් කියා සිටියේය.

මහාචාර්ය ජයම්පති වික්‍රමරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල, අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සෝම, දකුණු පළාත් සභා විපක්ෂ නායක එස්.තෙන්නකෝන් නිලමේ යන මහත්වරුද කතා කළහ.

 

අදහස් 1ක් ඇත

You all should go home and leave the parliament empty. Without that shameless place in Kotte, People will develop this country much better!

නව අදහස දක්වන්න