අර්ජුනට එරෙහි පැමිණිලි විභාගය ජනවාරි | දිනමිණ

අර්ජුනට එරෙහි පැමිණිලි විභාගය ජනවාරි

පසුගියදා ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයට ඇතුළු වී සේවකයින්ට පහර දී කලහකාරී ආකාරයට ඇසුරුණු බවට සැකකෙරෙන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 04 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් එම ප්‍රකාශ තුළින් පැමිණිලිකරුට පහර දීම පිළිබඳව තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 04 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

 


නව අදහස දක්වන්න