මොරටුව ශාන්ත සෙබස්තියන් සමාගමෙන් දැව සඳහා අධිපීඩක රසායනික ප්‍රතිකාර | දිනමිණ

මොරටුව ශාන්ත සෙබස්තියන් සමාගමෙන් දැව සඳහා අධිපීඩක රසායනික ප්‍රතිකාර

මොරටුව ශාන්ත සෙබස්තියන් සමූහ ව්‍යාපාරය ස්ථාපනය කළ අධිපීඩක රසායනික ප්‍රතිකාර යන්ත්‍රය (Chemical Treament Preasure Plant ) භාවිත කරමින් දැවවල කල් පැවැත්ම වැඩි කිරීමේ ක්‍රියාදාමය පුළුල් කිරීමට කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ ප්‍රනාන්දු මහතා කටයුතු කරයි. අංක 679/2, පරණ ගාලු පාර, හොරේතුඩුව, මොරටුව ලිපිනයේ පිහිටා ඇති සිය කර්මාන්ත ශාලාවේ ඇති මේ අධිපීඩක රසායනික ප්‍රතිකාර යන්ත්‍රය භාවිතයෙන් සිදු කරන රසායනික ක්‍රියාවලියෙන් (Preasure Impregnation Method) ඕනෑම දැව වර්ගයක් ගුල්ලන් ගැසීමෙන් තොරව ජීවිත කාලය පුරා භාවිත කළ හැකිය.

මේ යන්ත්‍රයට එක වර වර්ග අඩි 5000ක පමණ දැව ඇතුළු කළ හැකි අතර, පැය 4ක පමණ කාලයක් රසායනික ප්‍රතිකාරය සිදු කරයි. එහි දී බෝරෝන්, බෝරික් ඇසිඩ්, ඇන්ටි බෝරා, ඇන්ටි බ්ලූ ලීටර් 15,000ක් පමණ වාෂ්පයක් ලෙස බාර් 15ක පීඩනයක් යටතේ දැව තුළට කාවද්දයි. එවිට එම රසායනික සංයෝග දැව අභ්‍යන්තරයේ තැන්පත් වන අතර, දැවවලට හානි කරන කෘමීන් එහි විෂට විනාශ වෙයි. පසුකාලීනව එම කෘමීන්ගේ බිත්තර පුපුරා පැටවුන් ඇති වුවද එම පැටවුන් ද විෂ සහිත රසායනික සංයෝග ආහාරයට ගැනීම නිසා විනාශ වෙයි. දැව අභ්‍යන්තරයේ සිටින සියලු කෘමීන් මරණයට පත් කර දැව දිරා යා නොදී ජීවිත කාලය පුරා ආරක්ෂා කර ගැනීමට මේ රසායනික ප්‍රතිකාරය ප්‍රබල හේතුවක් වේ. රබර්, මහෝගනී, හොර, ලියන්, ගාන්දීස්, ඇලස්ටෝනියා, නාඉඹුල්, දවට, පාරමාර, සූරියමාර ආදී දැව වර්ග රැසක් මේ ප්‍රතිකාරයෙන් දීර්ඝ කාලයක් නොදිරන අතර, දොර, ජනෙල්, උළුවහු, වහල හා ගෘහ භාණ්ඩ සැකසීම සඳහා කිසිදු සැකයකින් බියකින් තොරව භාවිත කළ හැකිය. මොරටුව ශාන්ත සෙබස්තියන් කර්මාන්ත ශාලාව වෙත පැමිණීමෙන් ඔබගේ දැව මේ රසායනික ප්‍රතිකාරයට බඳුන් කරවා ගෙන වඩාත් ශක්තිමත් හා ස්ථාවර කර ගත හැකිය.

නව අදහස දක්වන්න