SLIM Brand Execellence – 2018 හිදී අයිඩියා සමූහ ව්‍යාපාරය සම්මාන දිනයි | දිනමිණ

SLIM Brand Execellence – 2018 හිදී අයිඩියා සමූහ ව්‍යාපාරය සම්මාන දිනයි

Idea සමූහ ව්‍යාපාරයේ zi-RoofZ වෙළෙඳ සන්නාමය 17 වැනි SLIM Brand Excellence – 2018 සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම නව්‍යකරණ ‘Best Innovative Brand of the Year‘ සම්මානයෙන් පිදුම් ලැබීය. SLIM Brand Excellence – 2018 සම්මාන උළෙල මහ බ්‍රිතාන්‍යයේ Top 100 සමාගමක ප‍්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයාවන ලලිත් ද මෙල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණ.

වහලය සෙවිලි කිරීමේ පෙරළිකාර නිෂ්පාදනයක් ලෙසින් Idea සමූහ ව්‍යාපාර ‘Idea Group‘ හඳුන්වාදුන් zi-RoofZ වහලය සෙවිලි කිරීම සම්බන්ධයෙන් වෙනස් ආකාරයට සිතන ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර කදිම ඉල්ලුමක් නිර්මාණය වූ නිෂ්පාදනයකි. එහෙයින් එම සමාගම zi-RoofZ මාදිලි 3ක් වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති අතර, එම zi-RoofZ හි මාදිලි 3 වන්නේ i-Roof - XTRA i-Roof-SUPER හා i-Roof-VEERA ය. මෙහි i-Roof – XTR MATT FINISH පෙනුමෙන්, i-Roof-SUPER GLOSS FINISH පෙනුමෙන් හා i-Roof-VEERA කර්මාන්තශාලා සෙවිලි කිරීමට වඩාත් ගැළපෙන පෙනුමකින් නිපදවනු ඇත.


නව අදහස දක්වන්න