යුක්තියේ ජනහඬ හෙට කොළඹ සිට මහියංගණය බලා ගමන් අරඹයි | දිනමිණ

යුක්තියේ ජනහඬ හෙට කොළඹ සිට මහියංගණය බලා ගමන් අරඹයි

කමනි අල්විස්

මහවිරු සමරුව ගැන වීරවංශ හා ගම්මන්පිල දැන් නිහඬ ඇයි?

මහා සංඝරත්නය පෙරටුකරගෙන හෙට ( දෙසැම්බර් 1) කොළඹින් ආරම්භ වී පසුදින (2) මහියංගණය රජ මහා විහාරස්ථානය වෙත ළඟා වී එහි පැවැත්වෙන ආගමික වතාවත්වලින් අවසන් වෙන යුක්තියේ පාද යාත්‍රා වැඩසටහන නිමිත්තෙන් තේමා ගීතයක් මේවන විට එළි දැක්වා තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා) අරලියගහ මන්දිරයේදී පෙරේදා (28 පැවැති යුක්තියේ ජන හඬ මාධ්‍ය සාකච්ඡාවේදී පැවැසීය.

යමු යමු පෙරටම රොක්වෙලා ජවයෙන් බලයෙන් රොක්වෙලා නමැති එම අර්ථාන්විත තේමා ගීතය ඕනෑම ජංගම දුරකථනයකට බාගත (download) කරගත හැකි බව පැවසූ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ නගර සභාව ඉදිරිපිට ‘සත්‍යග්‍රහය’ පැවැත්වෙන ස්ථානයෙන් යුක්තියේ පාද යාත්‍රාව අනිද්දා උ‍ෙද් 6.30ට ඇරඹෙන බවත් කීය. එදින උදෑසන දෙවිනුවරදී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වෙන බවත් රාත්‍රියේ කතරගමට සේන්දුවන පාද යාත්‍රාව පසුදින වැල්ලවාය බුත්තල මොනරාගල මාර්ගය ඔස්සේ මහියංගණ රජමහා විහාරස්ථානය කරා පැමිණෙන බවත් මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

වාහන විශාල සංඛ්‍යාවක් යුක්තියේ පාද යාත්‍රාවට එක්වෙන අතර යුක්තියේ නාමයෙන් මෙම පාද යාත්‍රාවට එක්වන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටතුළ අතිවී තිබෙන රැල්ල කැරැල්ලක් බවට පත් නොකර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කළේ මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පැවැසුවේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් නාමල් කුමාරගේ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කරගෙන යන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

මහවිරු සමරුව මෙවරද උතුරේ පැවැත්වුණ බව පැවසූ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වීරවංශ හා ගම්මන්පිල ඒ පිළිබඳව දැන් මුනිවත රැක්කත් එක්සත් ජාතික පක්ෂ රජය යටතේ එය සිදු වූයේ නම් වීරවංශ සහ ගම්මන්පිල තප්පුලන බවයි. මියගිය අයකුගේ ස්මරණය කවුරු සිදුකළත් එහි වරදක් නොමැති බවත් ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න