මර­ණය චිත්‍ර­යට නැඟූ දරුවෝ | දිනමිණ

මර­ණය චිත්‍ර­යට නැඟූ දරුවෝ

අනා­ග­තයේ සිදු­වන දේ කල් ඇතිව මන­සට දැනුණු අවස්ථා පිළි­බ­ඳව මනෝ විද්‍යා පර්යේ­ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වේ. (EXTRA SENSORY PERCEPTION) යනු­වෙන් හැඳි­න්වෙන අධි මාන­සික පර්යේ­ෂණ අතර ද එවැනි සිදු­වීම් දක්නට ඇත. තම මර­ණය කල් ඇතිව හෙළි කළ දරුවෝ ද මෙම පර්යේ­ෂණ අතර සිටිති.

‘මම මේ ගෙද­රින් යනවා. අම්මා තාත්තා, අයියා. 
මීට, ගවේෂා’

අම්මා බය­වු­ණාද? මං මැරෙන්නෙ මෙහෙ­මයි
කීර්තිනාම

තම මර­ණය සිදු­වන ආකා­රය කල් ඇතිව සිතු­වම් කළ දරු­වෙකු ගැන අති­ශය පුදුම සිදු­වී­මක් මීට වසර කීප­ය­කට උඩදී කඩ­වත ප්‍රදේ­ශ­යෙන් හෙළි­විය. කීර්ති­නාම නම් එම පාසල් සිසු­වාගේ මර­ණය සිදු­වන ආකා­රය සට­හන් මඟින් චිත්‍ර­යට නඟා තිබුණේ අති­ශය පුදුම උප­ද­වන අයු­රිනි.

ඒ වන විට නව­වැනි ශ්‍රේණියේ පාසල් සිසු­වෙකු වූ ඔහු පාසලේ දීප්ති­මත් ශිෂ්‍ය­ය­කුව සිටි­යේය. ඔහු ගණි­ත­යට විශේෂ දක්ෂතා දැක්වූ අතර චිත්‍ර ඇඳී­මට ද දක්ෂ­යෙක් වූයේය. නිවෙස ආස­න්නයේ තිබූ පුස්ත­කා­ල­යට ගොස් පොත් කිය­වීම ද ඔහුගේ සිරිත විය. මේ අතර ඔහු වෙතින් දක්නට ලැබුණු තවත් විශේෂ ගති සිරි­තක් විය. එනම් ඔහු නිතර ම මර­ණය ගැන කතා කිරී­මය. ඉන් තවත් විශේ­ෂ­ත්ව­යක් වූයේ ලොරි රථ­ව­ලට යට­වී­මෙන් සිදු­වන මර­ණය ගැන කතා කිරීම ය.

ඇතැ­ම්විට නිවෙ­සට එන කීර්ති මව අම­ත­මින් “අන්න ළම­යෙක් ලොරි­ය­කට යට­වෙලා” යැයි ද කිසිදු හේතු­වක් නොමැ­තිව ප්‍රකාශ කරන අව­ස්ථාද තිබිණි. තවත් විටෙක නිවෙසේ සාල­යට පැමිණ බිම දිගාවී මළ සිරු­රක් ලෙස දෑත් විහි­දුවා සිටියි. තම පුත්‍ර­යාගේ මෙම හැසි­රීම් රටාව මව්පි­යන්ගේ මවි­ත­යට ද හේතුවී තිබිණි. පාසල් ගුරු­ව­රි­යක වූ මෙම දරු­වාගේ මව ද ඔහුගේ මෙම හැසි­රිම ගැන පුදු­ම­යට පත්ව සිටි­යාය.

දිනක් මව පාසල අව­සන්ව නිවෙ­සට පැමිණ ආලි­න්ද­යට ගොඩ වූවාය. ඇයට දක්නට ලැබුණේ මළ සිරු­රක් ලෙස බිම පතිත වී සිටින පුත්‍ර­යාය. වහා අව­දිවූ කීර්ති “අම්මා බය වුණාද? මම මැරෙන්නෙ මෙහෙම තමයි” යනු­වෙන් කීය. එවැනි ප්‍රකාශ නොක­රන ලෙස මව ඔහුට අව­වාද කළාය. මේ අතර ඔහු නිතර ම චිත්‍ර සට­හන් මඟින් ද මිය­ගිය පුද්ග­ල­යන්ගේ සිතු­වම් ඉදි­රි­පත් කළේය. වරක් ඔහුගේ පාසල් අභ්‍යාස පොතක පිටු ගණ­නක් පුරා චිත්‍ර රැසක් ඇඳ තිබිණි. ඒවායේ දක්නට ලැබු­ණේ‍ ­ලොරි අන­තු­ර­කින් මිය­ගිය අයෙ­කුගේ මර­ණය සිදු­වන අයු­රුය.

තම මල්ලීගේ මෙම චිත්‍රය පවුලේ වැඩි­මල් සොහො­යු­රි­යක් ද දුටු­වාය. එහෙත් ඔහුගේ ක්‍රියා කලා­පය නිසා ඒ පිළි­බඳ එත­රම් අව­ධා­න­යක් යොමු නොක­ළාය. එම චිත්‍රය ඇඳ දින කීප­යක් ගත­විය. එදා 1984 මාර්තු 21 වැනි­දාය. සිරිත් පරිදි පාසල් ගිය කීර්ති පාසල අව­සන්වී සුපු­රුදු ලෙසින් නිවෙස අසල පුස්ත­කා­ල­යට ගියේය. එහිදී පුරා පැයක් පමණ පොත් කිය­වීමේ යෙදී සිටි ඔහු නිවෙ­සට පැමි­ණීම සඳහා බස්රි­ය­කට නැගුණි. බස්රිය නිවෙස අසල බස් නැව­තුම් පොළට පැමිණි විගස ඔහු බස් රියෙන් බැස්සේය. එතැන් සිට පයින්ම නිවෙ­සට එමින් සිටි ඔහුට වැඩි දුරක් මහා මාර්ගයේ ගමන් කිරී­මට නොලැ­බිණි. පිටු­ප­සින් පැමිණි ලොරි රථ­යක් ඔහු යට­කර ගෙන ගියේය.

රෝදයේ පැටලී ටික දුරක් ඇදී ගිය ඔහුගේ සිරුර ලෙයින් තෙත් විය. සිද්ධිය දුටුවෝ මහ හඬින් කෑග­ස­න්නට වූහ. පිටු­ප­සින් පැමිණි මෝටර් රථ­යක් වහා නතර කැරිණි. රියේ පැමිණි යුරෝ­පීය ඇඳු­මෙන් සැර­සුණු අයෙක් වහා ඔහු වෙත ළඟා­විය. සිසු­වාගේ කකුලේ අස්ථි­යක් ද කැඩී පාරේ තිබිණි. හෙතෙම වහා කොළඹ මහ රෝහ­ලට ඇතු­ළත් කළ නමුත් මර­ණ­යට පත්විය. මෙම පාසල් සිසු­වාගේ හදිසි වියෝව පිළි­බඳ පාසලේ ගුරු සහ සිසු පිරිස ද දෙම­ව්පි­යෝද ඉම­හත් ශෝක­යට පත්වූහ.

ඔහුගේ මර­ණය සිදුවූ ආකා­රය සහ එහි දර්ශ­නය ඔහු විසින් අභ්‍යාස පොතක කර තිබූ චිත්‍රය ආන්දෝ­ල­නා­ත්මක සිදු­වී­මක් බවට පත්වූයේ පුදු­මා­කාර අයු­රිනි. ලොරි රථය පැමි­ණෙන අයු­රුත් ඔහු එයට යටවී බිම පතිත වන අයු­රුත් ඔහු සිතු­ව­මට නැඟූ චිත්‍ර­ව­ලට බෙහෙ­වින් සමාන බවක් දක්නට ලැබිණි. එම චිත්‍රයේ ඔහු යුරෝ­පීය ඇඳු­මෙන් සැරසී සිටි අයෙකු ද චිත්‍ර­යට නඟා තිබුණේ් පුදු­ම­ස­හ­ගත අයු­රිනි. අන­තුර සිදුවූ පසු අස්ථි­යක් කැඩී මහ­මඟ වැටී තිබූ අයුරු ද සිසුවා මැන­වින් චිත්‍ර­යට නඟා තිබිණි.

මෙම සිදු­වීම පිළි­බඳ විම­ර්ශ­න­යක් කිරී­මට අපට ද අව­ස්ථාව ලැබිණි. එහිදී කීර්තිගේ මව ඒ පිළි­බඳ අප සමඟ තොර­තුරු විස්තර කළේ මෙසේය.

“මේ මර­ණය සිදු­වු­ණාට පස්සෙ එයා අභ්‍යාස පොතේ ඇඳල තිබුණු චිත්‍ර අපි පරීක්ෂා කළා. ඒ චිත්‍ර­වල දක්වල තිබුණු දර්ශන එයාගෙ අන­තු­රට සමා­නයි. අන­තුර සිදුවූ වෙලාවෙ පැමිණ රෝහ­ලට ගෙන ගිය පුද්ග­ල­යාට සමාන අය­කු­වත් එයා නිවැ­ර­දිව චිත්‍ර­යට නඟා තිබුණා.”

මෙම සිසුවා විසින් ඇඳ තිබූ චිත්‍රත් අන­තුර සිදුවූ ආකා­ර­යත් අතර ඇති සබ­ඳ­තාව ම‍නෝ විද්‍යා පර්යේ­ෂණ අතර ඉතා වැද­ගත් සිදු­වී­මක් බවට පත්වී තිබේ.

මේ හා සමා­නව ම මර­ණ­යට පෙර නිවෙසේ බිත්ති­යක කරන ලද සට­හ­නක් මඟින් මර­ණයේ සංඥා­වක් සිදු කළ දැරි­යක ගැනද මීට වසර කීප­ය­කට උඩදී පන්නල ප්‍රදේ­ශ­යේදී අපගේ පරී­ක්ෂ­ණ­ව­ලට ලක් කෙරිණි. ඇගේ මර­ණය සිදුව තිබුණේ ඇය පාසල් ගිය වෑන් රියට යටවී සිදුවූ බර­ප­තළ අන­තු­ර­කිනි. 2001 වස­රේදී කුලි­යා­පි­ටිය රෝහ­ලේදී උපත ලද එම දැරිය ගවේ­ෂාය. පන්නල ජාතික පාසලේ දීප්ති­මත් දැරි­යක වූ ඇය ඉගෙ­නී­මට ඉම­හත් ආසා­වක් දැක්වූ­වාය. ඒ වන­විට හත්වැනි වියේ පසුවූ ගවේෂා සියලු ම විෂ­යන්ට එක හා සමා­නව දක්ෂ වූවාය. ඇතැ­ම්විට ඇය විසින් ම සකසා ගන්නා ප්‍රශ්න­ව­ලට පිළි­තුරු ලිය­න්නට තරම් ඇය ඉගෙ­නී­මට උන­න්දු­වක් දැක්වූ­වාය.

ඇගේ මතක ශක්තිය පිළි­බඳ ද දෙම­වු­පි­යන්ට දක්නට ලැබුණේ සුවි­ශේෂි බවකි. කුඩා දැරි­යක වුවද දෙම­වු­පි­යන් ඇතුළු ඥාතීන් රැස­කගේ උපන් දින පවා ඇගේ මත­කයේ තිබිණි. මර­ණය පිළි­බඳ නිතර කතා බහ කිරීම ඇගේ ද සිරිත විය.

දිනක් ඥාති­ව­රි­යක ඇමතූ ඇය “මම මැරු­ණොත් වැඩි­යෙන් ම අඬන්නේ කවුදැ”යි ඇගෙන් ප්‍රශ්න කළාය. එවැනි වදන් නොකි­යන ලෙස ඥාති­ව­රිය ඇයට උප­දෙස් දුන්නාය. එහෙත් ඇය බොහෝ­විට මර­ණය පිළි­බඳ කතා බහ කිරී­මට උත්සාහ කළාය.

නිවෙසේ බිත්තියේ විවිධ කුරු­ටු­ගෑම් කර­මින් සල­කුණු කිරී­මට ද ඇය පුරු­දුව සිටි­යාය. ඇගේ පොත්වල ද එවැනි සට­හන් සහ චිත්‍ර නොඅ­ඩුව තිබිණි. ඇය විසින් බිත්ති‍යේ අඳින විවිධ සට­හන් අත­රත් දිනක් ඇය විසින් සට­හන් කර තිබූ වදන් කීප­යක් විය. එහි ලියා තිබුණේ,

‘මම මේ ගෙද­රින් යනවා.

අම්මා තාත්තා, අයියා.

මීට, ගවේෂා’ යනු­වෙනි.

මෙම සට­හන දුටු මව සිය දිය­ණිය ලියා ඇති වදන් පෙළ පිළි­බ­ඳව පියාට ද කීවාය. ඒ පිළි­බ­ඳව දිය­ණි­ය­ගෙන් විම­සී­මට සිතූ මව

“ඔයා මොකක්ද මේ ලියල තියෙන්නේ?” යයි ප්‍රශ්න කළාය.

එයට කිසිදු පිළි­තු­රක් නොදුන් දැරි­යගේ මුවට සින­හ­වක් මතුවී තිබිණි. දිය­ණි­යගේ එම වදන් සට­හන් කිරීම කිසිදු අද­හ­සක් නොමැ­තිව කරන ලද්දක් ලෙස මව සිතු­වාය. ගත­වූයේ මාස තුනකි. බිත්තියේ ලියා ඇති සට­හන එලෙ­සම පැව­තිණි. එදා සැප්තැ­ම්බර් මස 15 වැනි­දාය. සිරිත් පරිදි පාසල් ගිය දැරිය නිවෙ­සට එන­තුරු මව මඟ බල­මින් සිටි­යාය. ඇය පැමි­ණෙන්නේ පාසල් දරු­වන් රැගෙන යන වෑන් රථ­යෙනි. මව සිටියේ නිවෙස ඇතු­ළේය. පැමිණි වෑන් රථ­යෙන් බැස­ගත් දැරිය එහි ඉදි­රි­ප­සින් නිවෙ­සට පැමි­ණී­මට ගමන් කළාය. ක්ෂණ­යෙන් ඉදි­රි­යට ඇදුණු වෑන් රථයේ ගැටුණු දැරිය බිම ඇද වැටුණි. නාස­යෙන් රුධි­රය ගල­මින් සිටි දැරිය වහා රෝහල් ගත කැරිණි. දින පහක් පමණ සිහි­සුන්ව දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි ඇය දෙම­ව්පි­ය­න්ගෙන් සහ ඥාතී­න්ගෙන් සමු­ගෙන ගියාය.

සිය දිය­ණි­යගේ අකල් මර­ණය නිසා දැඩි සිත් වේද­නා­වෙන් හා කම්පා­වෙන් පසුවූ දෙම­ව්යන් හමු­වී­මට අපට අව­ස්ථාව ලැබිණි. ඒ වන විටත් ඔවුහු දැඩි කම්ප­න­යට පත්ව සිටි­යහ. ගවේෂා තුළ තිබූ ඉදි­රිය පිළි­බඳ දැනුම් දීමේ හැකි­යාව ඇගේ මව විසින් අප සමඟ හෙළි කළේ මෙසේය.

“ඇතැම් දින­වල නිවෙ­සට එන අමු­ත්තන් ගැන ඇය කිය­නවා. ඒ කී ලෙස­ටම ඔවුන් ගෙද­රට එනවා. ඥාති පුත්‍ර­යෙක් නිව­සට එන දිනය ඇය කීප විටක්ම නිවැ­ර­දිව කීවා. එයා බිත්තියේ ලියල තිබුණ සට­හන දැකල එවැ­න්නක් ලිව්වේ ඇයි කියල මම ඇසුවා. එයා උත්ත­ර­යක් දුන්නේ නෑ. ඒ සට­හන ලියල තිබුණේ මිය යන්න මාස තුන­කට කලින්. ඒ විදි­යට ම එයා ගෙද­රින් ගියා.” යැයි මව දුක්බ­රව පැව­සු­වාය.

එදා අප ඇගේ නිවෙ­සට යන විටත් ඇය විසින් ලියන ලද සට­හන එලෙස ම දැක ගත හැකි විය. දරු­වන් මඟින් ඇතැම් විට අනා­ව­ර­ණය වන මෙවැනි සිදු­වීම් ද මනෝ විද්‍යා පර්යේ­ෂ­ණ­ව­ලට ඇතු­ළත් වී තිබේ.

තිස්ස ජය­ව­ර්ධන


නව අදහස දක්වන්න