පීපල්ස් ලීසිං සම්මාන 2කින් පිදුම් ලබයි | දිනමිණ

පීපල්ස් ලීසිං සම්මාන 2කින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ අල් සෆා ඉස්ලාමීය මූල්‍යකරණ ඒකකය, දකුණු ආසියානු ඉස්ලාමීය බැංකු හා මූල්‍යකරණ ක්ෂේත‍්‍රයෙහි විශිෂ්ටයන්ට ගෞරව ප‍්‍රණාම පිරිනැමීමේ අරමුණෙන් පැවැත්වෙන IFFSA – 2018 සම්මාන උළෙලෙහි දී ගෞරවනීය සම්මාන 2කින් පිදුම් ලැබීමට පසුගිය දා සමත් විය. එම IFFSA (Islamic Finance Forum of South Asia) සම්මාන උළෙල 3 වැනි වරටත් සිනමන් ලේක්සයිඩ් හිදී පැවැත්වුණු අතර, එහි දී ‘වසරේ විශිෂ්ටතම සමාජ සත්කාරක ව්‍යාපෘතිය’ CSR Project of the Year සඳහා පිදෙන රන් සම්මානය හා ‘වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය නිෂ්පාදනය’ Islamic Finance Product of the Year සඳහා පිදෙන ලෝකඩ සම්මානය පීපල්ස් ලීසිං සමාගමට හිමිවිය. මේ IFFSA සම්මානවල විශිෂ්ටත්වය වන්නේ ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින හා ශ්‍රී ලංකාවේ පිහිටි ඉස්ලාමීය මූල්‍ය ආයතන දහස් ගණනක් අතුරෙන් විශිෂ්ටයන්ට ගෞරවනීය පිළිගැනුමක් හිමිවීමය.

පීපල්ස් ලීසිං සමාගම හිමිකරගත් මේ සුවිශේෂි සම්මාන පිළිබඳ අදහස් දැක් වූ එම සමාගමේ අල් සෆා ඉස්ලාමීය මූල්‍යකරණ අංශයේ ප‍්‍රධාන කළමනාකරු, මොහිදීන් මහරූෆ් මහතා පැවැසුවේ, ‘පීපල්ස් ලීසිං සමාගමේ ‘අල්-සෆා’ Al-Safa ඉස්ලාමීය මූල්‍ය ඒකකය මේ IFFSA සම්මාන දෙකකින් පිදුම් ලැබීම ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය මූල්‍යකරණය සම්බන්ධයෙන් අප සමාගම දක්වන විශිෂ්ටත්වය නැවත වරක් සනාථ වූවා. විශේෂයෙන්ම මේ IFFSA සම්මානය දකුණු ආසියානු කලාපයේ ඉස්ලාමීය බැංකු හා මූල්‍ය ආයතන වෙනුවෙන් පිරිනමන්නක් වීම අප සමාගමට බොහෝ වැදගත් වූවක්. එමෙන්ම ‘අප සමාගම ‘අල්-සෆා’ මූල්‍යකරණ ඒකකය ඇරැඹුවේ වසර 2005දී. එමෙන්ම අපේ සියලු මූල්‍ය කටයුතු සිදු කෙරෙන්නේ ෂරියා මූලධර්ම යටතේ ෂරියා අධීක්ෂණ මණ්ඩලයේ මඟ පෙන්වීම මතයි. තව ද වර්තමානයේ ‘අල්-සෆා’ ඒකකයට අයත් ශාඛා 8කින් හා ඕනෑම පීපල්ස් ලීසිං ශාඛාවකින් පුළුල් පරාසයක පැතිරුණු ඉස්ලාමීය මූල්‍යකරණ පහසුකම් රැසක් දැන් ලබාගත හැකියි’ යන්නය.


නව අදහස දක්වන්න