නිතර දකින මූණක් වෙන්න මට ඕනෑ නැහැ | දිනමිණ

නිතර දකින මූණක් වෙන්න මට ඕනෑ නැහැ

ටීනා ෂනෙල්

නයනා වෑත්තෑව

ඇය කලාවට එන්නේ නිරූපණ ශිල්පිනියක ලෙසයි. අද වන විට පුංචි තිරය, රිදී තිරය යන කලා මාධ්‍යයන්හි ඇගේ රංගන ප්‍රතිභාව මනාවට පෙන්නුම් කර තිබේ. මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය කෙරෙන ‘සකූගේ කතාව‘ ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට එන ඇය ටීනා ෂනෙල්ය.

ටීනා ඉතින් කොහොමද ?

හොඳින් ඉන්නවා.

ඇත්තද ටීනා නපුරුයි කියන්නේ ...

මම නපුරු නැහැ. නමුත් මේ දවස්වල ස්වර්ණවාහිනියෙන් විකාශය කෙරන සකූගේ කතාව ටෙලි නාට්‍යයේ ‘හරිනි‘ නම් නපුරුයි.

නපුරු නැත්නම් කොහොමද 'හරිනි' එච්චරටම නපුරු..

ඒක මගේ දක්ෂතාව වෙන්න ඇති. ඇත්ත ජීවිතයේත් මට තරහ යන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් කෙනකුට අසාධාරණයක් සිදුවන අවස්ථාවකදී නම් මට ගොඩක්ම තරහ යනවා. ඒ හැරෙන්න දරුවන්ට අමානුෂික වන නිතරම තරහෙන් පුපුරන චරිතයක් නෙමෙයි මම. හැබැයි හරිනි වගේම විලාසිතා, ඇඳුම් පැලඳුම්, ඩාන්සින් මගේ ජීවිතේ තිබෙන ලක්ෂණ.

හරිනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

හිතුවේ නැති තරම් ප්‍රතිචාර ලැබෙනවා. සමහරු කියනවා අද බොහෝ නිර්මාණවල දකින්න තියෙන්නේ සැබෑ ජීවිතයේ ‍සිදු නොවන දේවල්. නමුත් සකූගේ කතාවේ සිදුවීම් මිනිසුන්ගේ ජීවිතයට සම්බන්ධ දේ නිසා එම චරිත ඔවුන්ට දැනෙනවා කියා.

මඟ තොටේගියත් ගොඩක් අය හරිනී කියා කෑගහලා කතා කරනවා. ඇත්තටම සතුටුයි මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම මේ තරම් ජනප්‍රිය වීම ගැන.

ඒ කියන්නෙ මෙය ඔබේ පළමු ටෙලි නාට්‍යය..

ඔව්. මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම. එය ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍යයක් වීම ගැන සතුටුයි. එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ අයියාගෙ දක්ෂතාව එයට බලපෑවා.

ඇයි ඔබ එහෙම කියන්නේ..

මම ‍සිනමාවේ සම්බන්ධ වුණේ ‍'දේදුනු ආකාසේ' චිත්‍රපටයට පමණයි. එයත් ප්‍රියන්ත අයියගෙ නිර්මාණයක්. එම නිර්මාණයත් ප්‍රේක්ෂකයන් ආද‍රයෙන් වැලඳ ගත්තා. ඒ වගේ තමයි සකූගේ කතාව ටෙලි නාට්‍යයත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. ඉතින් මා රඟපෑ පළමු ටෙලි නාට්‍යයේත්, චිත්‍රපටයේත් අධ්‍යක්ෂවරයා ලෙස ඔහු ගැන මට හොඳ විශ්වාසයක් තිබෙනවා.

ඒ කියන්නෙ ඔබ තෝරා බේරාගෙන රඟපානවා කියන එකද ?

ඔව්. එහෙම නැතුව මම රඟපෑවා නම් මේ වන විට ටෙලි නාට්‍ය හා චිත්‍රපට විශාල ප්‍රමාණයක රඟපාන්න තිබුණා. නමුත් මම ලේසියකට වැඩක් බාර ගන්නෙ නෑ. රූපවාහිනියෙ නිතර දකින මූණක් වෙන්න මම කැමැති නෑ. මොකද මගේ වෘත්තිය නිරූපණ ක්ෂේත්‍රය. මට ඕනෑ නිරූපණ ක්ෂේත්‍රයේ ලංකාවේ කතාබහට ලක්වූ නිරූපිකාවක් වීමටයි.

ඇයි නිරූපිකාවක් ලෙස වැඩ කරන්න කැමැති..

මම මේ ගමන ආවේ මගේ උත්සාහයෙන් වගේම බොහෝ කටු කාලා. නිරූපණ ක්ෂේත්‍රය වගේම මියුසික් වීඩියෝවල පෙනීසිටින්නත් මම කැමැතියි.

මට හිතෙනවා එම මාධ්‍යයන් දෙකේම වැඩ කිරීම පහසුයි කියල. මොකද, එහි තමන්ගේ හැකියාව තනියම පෙන්වන්න පුළුවන්. රංගනයේදි එහෙම බෑ. අපි කොතරම් මහන්සි වුණත් අනෙක් අය දක්ෂ නැතිනම් සමහර විට මුළු නිර්මාණයම අසාර්ථක වන අවස්ථා තිබෙනවා.

නමුත් රංගනයේදී, නිරූපණ ක්ෂේත්‍රයට වඩා වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් අතරට යා හැකියි. ඒ නිසා ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවාද ?

දැනට නම් කිසිම අලුත් නිර්මාණයක් භාරගෙන නෑ. හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ හොඳ නිර්මාණ ලැබුණොත් භාරගන්න කැමැතියි.

ටීනා පෙම්වතියක්ද ?

ඔව්. එයා ගැන පසුවට කියන්නම්.

කවුද ඔබේ ගමනට සහාය වෙන්නේ..

මගේ අම්මයි අක්කලා දෙන්නයි. අනිත් අය මගේ යහළුවෝ සහ මට ආදරය කරන ප්‍රේක්ෂකයින්. විශේෂයෙන් මගේ අක්කල දෙන්නා නිසා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඒ සියලු දෙනාටම ස්තූතියි. 

අදහස් 1ක් ඇත

Ussanna nangi Gauma Pennanna Kolamba Tawma Gahapanko Thambi Dole Pennanna Bhrakma Loke

නව අදහස දක්වන්න