සිවාජිලිංගම් අත්අඩංගුවට | දිනමිණ

සිවාජිලිංගම් අත්අඩංගුවට

ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා සමග හතර දෙනෙකු අද(26) යාපනයේ වැල්වෙට්ටිතුරේ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා සහ තවත් තුන් දෙනෙකු කේක් ගෙඩියක්ද රැගෙන ත්‍රී රෝද රථයකින් ගොස් වැල්වෙට්ටිතුරේ  ප්‍රභාකරන් ගේ නිවස පිහිටි ස්ථානයේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
 
මේ ස්ථානයට හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ සිටි අතර පොලීසිය ඒ සියළු දෙනාගෙන්ම ප්‍රශ්න කොට තිබේ.
 
අවසානයේදී ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා වරද පිලිගෙන ඇති අතර කේක් ගෙඩියක් මිස ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ වෙනත් කිසිවක් නොතිබූ නිසා පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන්ව නිදහස් කොට තිබේ.

නව අදහස දක්වන්න