තේරීම් කාරක සභාව වැඩි ඡන්දයෙන් සම්මතයි - UPDATE | දිනමිණ

තේරීම් කාරක සභාව වැඩි ඡන්දයෙන් සම්මතයි - UPDATE

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරීමට අදාල ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් ලැබුණි.

විපක්ෂව ඡන්ද ලැබුණේ නොමැත.

ප්‍රකාශ නොකළ ඡන්ද සංඛ්‍යාව -103

ඡන්දය ගණනය කිරීම ඇරඹෙයි - UPDATE

පාර්ලිමේන්තුවේ කටයුතු උදෑසන 10.30ට කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඒ අනුව තේරීම් කාරක සභාවට අවශ්‍ය සාමාජිකයින් පත් කර ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තුව ආරම්භයට පෙර උදෑසන 09ට කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වු අතර, එහිදී කිසිදු එකඟතාවකට නොපැමිණි බව ද කථානායකවරයා පාර්ලිමේන්තුව ආරම්භයේ දී කියා සිටියේය.

පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සාමාජිකයින් පත් කිරීම සහ අද දිනට අදාළ න්‍යාය පත්‍රය සකස් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සාකච්ඡා කිරීමට නියමිතව තිබුණ ද එය කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වු බව පක්ෂ නායකයින් පවසා සිටියේය.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මේ මොහොතේ පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිට ගියේය.

එමෙන්ම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සාමාජිකයින් පත් කිරීම සඳහා ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට ඡන්දයක් ගණනය කිරීමට කථානායකවරයා විසින් තීරණය කරනු ලැබීය.

නව අදහස දක්වන්න