ඇඹිලිපිටියේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට | දිනමිණ

ඇඹිලිපිටියේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.

සැකකාර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයවීර මාතරආරච්චිව බව ද සදහන්.

අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


නව අදහස දක්වන්න