මොබි­ටෙල් ගූගල් සමඟ හවුල්වී වනිතා දිරි­යෙන් කාන්තාවෝ බල ගන්වති | දිනමිණ

මොබි­ටෙල් ගූගල් සමඟ හවුල්වී වනිතා දිරි­යෙන් කාන්තාවෝ බල ගන්වති

GSMA සම්බන්ධිත කාත්තා මුල පිරීමේ නිත්‍යය සාමාජිකයකු වන මොබිටෙල් සමාගම මෑතක දී කොළඹ ගූගල් ව්‍යාපාරික කණ්ඩායම (CBG) සමග හවුල්කාරිත්වයෙන් සිය ජාලයේ කාන්තා අංශය වෙනුවෙන් ‘වනිතා දිරිය’ නමින් වැඩසටහනක් හඳුන්වා දුන්නේ ය. දවස පුරා දිග හැරුණු මේ වැඩමුළුව පවත්වන ලද්දේ මොබිටෙල් නවෝත්පාදන මධ්‍යස්ථානයේ දී ය. ‘වනිතා දිරිය’ යනු වර්ධනය වීමට හා සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ලෝකයේ සෑම තැනකම කාන්තාවන්ට ආර්ථික අවස්ථා නිර්මාණය කර දීම පිණිස ගූගල් සමාගම විසින් දියත් කරනු ලැබ ඇති මුල පිරීමකි. GSMA සම්බන්ධිත කාන්තා මුල පිරීමේ නිත්‍ය සාමාජිකයකු වන මොබිටෙල් සමාගම ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඩිජිටල් හා මූල්‍යමය වශයෙන් වේගවත් කිරීමට සහාය වීම හා පෙළඹවීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටියි. Womenwill Sri Lanka ප්‍රධානි සහ CBG සම-කළමනාකාරිනි ඉඳුලේඛා නානායක්කාර, ගූගල් ව්‍යාපාරික ප්‍රජාවේ කළමනාකාරිනි සජිනි ජයවර්ධන සහ කොළඹ CBG සම-කළමනාකාරිනි සහ පුහුණුකාරිනී ධනුෂ්කි පෙරේරා විසින් පවත්වන ලද සැසිවලින් මේ බුද්ධිමය වැඩමුළුව සමන්විත විය.

නව අදහස දක්වන්න