නාලක ද සිල්වා හා මර්සලි තෝමස් දෙසැම්බර් 5 දක්වා රිමාන්ඩ් | දිනමිණ

නාලක ද සිල්වා හා මර්සලි තෝමස් දෙසැම්බර් 5 දක්වා රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සලි තෝමස් යන අය ලබන දෙසැම්බර් මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (21) නියෝග කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිතභාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට ඇප ලබා දීමට අධිකරණයට බලයක් ඇද්දැයි යන්න පිළිබඳ නියෝගයක්ද එදිනට ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා කියා‍ සිටියේය.

ඒ මහතා වෙනුවෙන් පෙනි සිටි නිතිඥ අජිත් පතිරණ මහතා ඔහුට ඇප ලබා දීමට අදාළව ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ සම්බ්නධයෙන් නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේය.

සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශන වලට අදාළව හෙරොයින් ජාවාරම් කරුවෙක් සමග ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියකු සම්බන්ධතා පවත්වා ඇති බවත් මේ වන විට එම පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ සිටින බවත් රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

එම පුද්ගලයා හෙරොයින් ජාවාරම් සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව කී රහස් පොලිසිය ඔහු සන්තකයේ තිබි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියකුගේ ඡායාරූප දෙකක් හමු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලට අනුව ඔවුන් දීර්ඝ කාලයක් සම්බන්ධතා පවත්වා ඇති බවට විමර්ශන අනාවරණය කර ඇති බවත් කී අතර එම සැකකරු බන්ධනාගාරයේ සිටින මධුෂ් සමගද සබඳතා පවත්වා ඇති බවටත් තොරතුරු ලැබි ඇති බව කියා සිටි අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු වන බවත් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් කියා සි‍ටියේය.

මේ සිද්ධියට අදාළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා ලිඛිත දේශන ඉදිරිපත් කර ඇති බවත් සිද්ධියට අදාළව සැකකරුවකු වන ඉන්දීය ජාතික මර්සලි තෝමස් යන අය සම්බන්ධයෙන් එක්සත් ජාතිත්න්ගේ සරණාගත කොමිසමෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්

අධීකරණයට කියා සිටි රහස් පොලිසිය එම වාර්තා දෙකම අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ අවසරය ඉල්ලමින් ඉන්දීය ජාතික මර්සලි තෝමස් යන අය තමන් නිර්දෝෂී බවත් රහස් පොලිසිය තමන්ගේ අත්සන සිංහයෙන් ලියන ලද ලිපි වලට බලහත්කාරයෙන් යොදා ගත් බවත් අධිකරණයට කියා සිටිමින් එක්සත් ජාතින්ගේ සරණාගතක කොමිසම සම්බන්ධයෙන් තමන්ට කිසිදු විශ්වාසයක් නැතැයි කියා සිටියේය.

සිද්ධියට අදාළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනම රඳවා තැබීමට බන්ධනාගාර අධීකාරිවරයා සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් තමා දැනුවත් කළ බව කී මහේස්ත්‍රාත්වරයා නාලක සිල්වා මහතාගේ අසනීප තත්ත්වයන් සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් සිදු කළ ඉල්ලීම් පිළිබදවද නියෝග නිකුත් කළේය.

නාලක ද සිල්වා මහතා ගිලන් රයකින් රැ‍ගෙන විත් තිබු අතර එම ගිලන් රියේ රදවා තබා අධිකරණයට ඉදිරිපත් කළ අතර අද (22) කොලඹ මහරෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉිදරිපත් කිරිමට නියමිත බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව අ ධිකරණයට දන්වා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ අතර සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනක් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

නව අදහස දක්වන්න