තේරීම් කාරක සභාවට නියෝජිතයන් අද නම් කරනවා | දිනමිණ

තේරීම් කාරක සභාවට නියෝජිතයන් අද නම් කරනවා

චමීර ඇල්ලදෙණිය

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් අද(21) නම් කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය හා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා 'දිනමිණ'ට ඊයේ (20) පැවැසීය.

ඒ අනුව එම නාමලේඛනය අද (21) දිනයේම පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 7 දෙනකු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කිරීමට නියමිත බව ද ඇමැතිවරයා කීය.

නව අදහස දක්වන්න