ජාතික කිරි ගොවි සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

ජාතික කිරි ගොවි සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

රක්ෂණ ශ්‍රියන්ත

ජාතික කිරි ගොවි සමුළුව ඊයේ (16) පස්වරුවේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත කිරිමේ ජනාධිපතිවරයාගේ උදාර අරමුණ මදුන්පත් කැර ගැනීම වස්, දේශීය කිරි ගොවියා අභිප්‍රේරණය කිරීම හා දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම,දේශී‍ය කිරි ගොවියා ශක්තිමත් කරමින් නැවුම් කිරි නිෂ්පාදනයේ ඉලක්ක ගත වර්ධනය සාක්ෂාත් කැර ගැනීමෙහිලා දිරි දිම මෙහි අරමුණයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය මෙය සංවිධානය කැර තිබුණි.

කිරි ගොවියන් වෙත ප්‍රතිපාදන ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. හයිලන්ඩ් නවතම නිෂ්පාදනයක් සභාපති ඉංජිනේරු එම්.සුල්ෆිකාර් කාදර් මහතා ජනාධිපතිවරයාට පිරිනැමීය.

හයිලන්ඩ් නිෂ්පාදන අලෙවි නියෝජිතයන්ට හිමිකම් පත් පිරිනැමීමද සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතිනි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ජනාධිපතිවරයාට සිහිවටන තිළිණයක්ද පිරිනැමීය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පුජකතුමන්ලා, මැති ඇමැතිවරු ඇතුළු දේශපාලනඥයින්, අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, මිල්කෝ සභාපති ඉංජිනේරු එම්.සුල්ෆිකාර් කාදර් මහතා ඇතුලු කිරි නිෂ්පාදන ආයතනවල ප්‍රධානීන්, ස්වයංපාලිත කිරි ගොවි සමිතිවල නියෝජිතයන් සහ කිරි ගොවියන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් මලවීර

නව අදහස දක්වන්න