සයි­බර් අප­රා­ධ­ක­රු­වන් නිසා බර­ප­තළ ප්‍රශ්න­ව­ලට මුහුණ දෙනවා | දිනමිණ

සයි­බර් අප­රා­ධ­ක­රු­වන් නිසා බර­ප­තළ ප්‍රශ්න­ව­ලට මුහුණ දෙනවා

විජයානී එදිරිසිංහ

මුහු­ණට මුහු­ණලා සටන් කරන සතුරා මෙන් නොව සැඟව සිට සයි බර් අප­රාධ සිදු කරන අප­රා­ධ­ක­රු­වන් නිසා ලෝකයේ බොහෝ රට­ව­ලට බර­ප­තළ ප්‍රශ්න­ව­ලට මුහුණ දීමට සිදුවී ඇති බව යුද හමු­දා­පති ලුති­නන් ජෙන­රාල් මහේෂ් සේනා­න­යක මහතා පැව­සීය.

සයි­බර් අප­රාධ හරහා මෙරට ජාතික ආර­ක්ෂා­වට එල්ල­වන බාධා සම්පු­ර්ණ­යෙන් මැඩ­පැ­වැ­ත්වී­මට ශ්‍රි ලංකා යුද්ධ හමු­දාව දැඩි සුදා­න­ම­කින් සිටින බව යුද හමු­දා­ප­ති­ව­රයා කීවේය.

මුහු­ණට මුහු­ණලා සටන් කරන සතුරා මෙන් නොව සැඟව සිට සයි බර් අප­රාධ සිදු කරන අප­රා­ධ­ක­රු­වන් නිසා ලෝකයේ බොහෝ රට­ව­ලට බර­ප­තළ ප්‍රශ්න­ව­ලට මුහුණ දීමට සිදුවී ඇති බවද ඒ මහතා කීවේය.

හමු­දා­ප­ති­ව­රයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා යුද්ධ හමු­දාවේ සන්නි­වේ­දන හා තොර­තුරු තාක්ෂණ පුරෝ­ගා­මියා ලෙසින් ප්‍රච­ලිත ආධා­රක බළ­කා­යක් වන ශ්‍රී ලංකා සංඥා බළ­කායේ 75වැනි සංව­ත්ස­රය වෙනු­වෙන් පැවැති මාධ්‍ය හමු­වේ­දීය. එම බළ­කායේ ජ්‍යෙෂ්ඨ හමුදා නිල­ධා­රීන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් හා යුද්ධ හමු­දි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එම මාධ්‍ය සාක­ච්ජාව පැවැ­ත්විණි.

ශ්‍රි ලංකා යුද්ධ හමු­දාවේ සංඥා සම්බ­න්ධතා විද්යුත් සංග්‍රා­මික කට­යුතු තොර­තුරු තාක්ෂ­ණය හා සයි­බර් ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා සංඥා බළ­කා­යයි.

සයි­බර් අව­කා­ශය සදා­තන යුද පෙර­මුණ යන තේමාව යටතේ මෙම සම්ම­න්ත්‍ර­ණය සහ ප්‍රද­ර්ශ­නය පවත්වේ. 1943 දී කුඩා ඒක­ක­යක් වශ­යෙන් බ්‍රිතාන්‍ය හමු­දා­වෙහි සංඥා කට­යුතු වෙනු­වෙන් පිහි­ටවූ ශ්‍රි ලංකා සංඥා බළ­කාය 75වන වස­රට ළඟා­වන විට ශ්‍රි ලංකා යුද්ධ හමු­දාවේ සන්නි­වේ­දන සම්බ­න්ධතා විද්යුත් සංග්‍රා­මික කට­යුතු විද්යුත් සංග්‍රා­මික කට­යුතු හා සයි­බර් ආර­ක්ෂණ ක්‍රියා­කා­ර­කම් සිදු­ක­රන ඉතා­මත් වැද­ගත්ම බළ­කාය වෙයි.

බෙදු­ම්වාදී ත්‍රස්ත­වාදි ක්‍රියා­කා­ර­කම් පැවැති සමයේ දී මෙම බළ­කාය සිය තාක්ෂ­ණික මෙහෙ­ව­රට අම­ත­රව පාබල රාජ­කා­රි­යන්හි නිරත වෙමින් ද ශ්‍රි ලංකාවේ ස්වෛරී­භා­වය සහ භෞමික අඛ­ණ්ඩ­තාව සුරැ­කීම සඳහා මහඟු දාය­ක­ත්ව­යක් දක්වන ලද බළ­කා­යක් ලෙස ඉති­හාස ගත වී ඇත.

ලබන 28 සහ 29 දෙදින පැවැ­ත්වෙන සම්ම­න්ත්‍ර­ණ­යට මෙන්ම ප්‍රද­ර්ශ­න­යට විවිධ රට­ව­ල්වල විද්ව­තුන් මෙන්ම මෙරට විද්ව­තුන් ද ඇතු­ළත්ව විශාල පිරි­සක් සහ­භාගී වීමට නිය­මි­තව ඇත. එම ප්‍රද­ර්ශ­නය පාසල් සිසුන්ට මෙන්ම විවිධ පුද්ග­ල­යන්ට නොමිලේ දැක­බලා ගැනි­මට පහ­සු­කම් සපයා ඇත. දෙස් විදෙස් වශ­යෙන් ඉහළ මට්ට­ම­කින් පැවැ­ත්වී­මට නිය­මිත මෙවැනි සම්ම­න්ත්‍ර­ණ­යක මෙන්ම ප්‍රද­ර්ශ­න­යක අව­ශ්‍ය­තාව ඉතා වැද­ගත් බැවින් ඒ සඳහා අනු­ග්‍රා­හක ආය­තන සැළ­කිය යුතු ප්‍රමා­ණ­යක් ද සිය දාය­ක­ත්වය ලබා දීමට නිය­මි­තය. වර්ත­මා­නය වන විට තාක්ෂ­ණයේ දියු­ණු­වත් සමඟ ඇති වී තිබෙන සහි­බර් ප්‍රහා­ර­යන්ගේ ප්‍රමා­ණය ද වැඩි වී ඇත. ඇසට පෙනෙන සතුරා සමඟ සටන් කිරීම පහ­සු­වූ­වත් ඇසට නොපෙ­නෙන මෙම සයි­බර් සතුරා සමඟ සටන් කිරීම පහසු දෙයක් නොවේ. මේ වන­විට අපේ සාංඥා බළ­කාය නිහඬ නොපෙ­නෙන දැවැන්ත කර්ත­ව්‍ය­යක් සිදු කර­ගෙන යයි. සයි­බර් අව­කා­ශයේ සිදු වන දේ සම්බ­න්ධ­යෙන් පම­ණක් නොව යුද්ධ හමු­දාව යුද්ධ­යෙන් පසු තවත් බොහෝ කර්ත­ව්‍ය­යන් රැසක් සිදු­ක­ර­මින්, රටේ ජාතික ආර­ක්ෂා­වට වැද­ගත් ස්ථාන­යක් දෙමින් අනෙ­කුත් සෑම කට­යු­ත්ත­ක­ටම දැවන්ත සහ­යෝ­ග­යක් ලබා දෙයි. යුද්ධ හමු­දාව කව­දා­වත් කරන කියන දේ සම්බ­න්ධ­යෙන් කිය­වන්නේ නැත. එහෙත් කර­න්නාවූ සේවය බොහෝය. මේ අතර සාංඥා බළ­කාය සිය කට­යුතු මේ වන විට ඉතා පුළුල් මට්ට­ම­කින් කර­ගෙන යන බවද හමු­දා­පති මහේෂ් සේනා­නා­යක මහතා පවසා සිටි­යේය.

සයි­බර් ආර­ක්ෂා­වෙන් එහි වැද­ගත් තොර­තුරු සතුරා අතට පත්නොවී තබා ගැනී­ම­ටත් කට­යුතු කරන අතර ඉදි­රියේ දී එල්ල වී ඇති තර්ජ­න­ව­ලට මුහුණ දීමට යුද්ධ හමු­දාව ශක්ති­මත් විය­යුතු බවද හමු­දා­ප­ති­ව­රයා පෙන්වා දෙයි. අලුත් තර්ජ­න­ව­ලට මුහුණ දීමට ද හමු­දා­වට හැකි­යාව තිබිය යුතු බවද පෙන්වා දෙන හමු­දා­පති මහේෂ් සේනා­නා­යක මහතා වෙනත් රට­වල් සමඟ එහි ආර­ක්ෂක අංශ­වල සම්බ­න්ධ­තාව ද ගොඩ­නඟා ගනි­මින් මෙම සයි­බර් අප­රා­ධ­ව­ලට එරෙ­හිව කට­යුතු කිරී­මට යම්කිසි ස්ථිර සංවි­ධා­න­යක අව­ශ්‍ය­තාව ඇති වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

එවැනි ආය­ත­න­යක අව­ශ්‍ය­තාව කලා­පීය වශ­යෙන් ද වැද­ගත් වෙයි.

මෙරට ජාතික ආර­ක්ෂා­වට සයි­බර් ප්‍රහාර එල්ල­වීම වළක්වා ගැනී­මට මේ වන­විට ආර­ක්ෂක අංශ විවිධ මට්ට­මින් ආර­ක්ෂක විධි­වි­ධාන පව­ත්වා­ගෙන යයි. අද ලෝකයේ විවිධ රට­ව­ව­ලට මුහුණ දීමට සිදුවී ඇති බර­ප­තළ සයි­බර් ප්‍රහා­ර­යන් බලන විට, අපේ රටට එවැනි බරප තළ තත්ත්ව­යන්ට මුහුණ දීමට සිදුවී නැත. විවිධ ආකා­රයේ වෙබ් අඩෙවි හරහා ජාතින් අතර අස­ම­ඟි­කම් ඇති කර­වන හෝ වෙනත් ව්‍යාජ තොර­තුරු ප්‍රචා­රය කිරීම වැනි ජාතික ආර­ක්ෂා­වට මෙන්ම රටේ පැවැ­ත්මට බළ­පාන දේ පළ කෙරු­ණත් ලෝකයේ තවත් රට­වල ආර්ථි­ක­යට මෙන්ම තවත් බොහෝ අංශ­ව­ලට බල­පාන බොහෝ දේ සිදු­වෙන බවද මෙහිදී පෙන්වා දෙයි.

සයි­බර් අව­කා­ශය හරහා සිදු­ක­රන අප­රා­ධ­ව­ලට සම්බ­න්ධ­ව­න්නන් අත්අ­ඩං­ගු­වට ගැනීම හෝ නීති­යෙන් ඔවුන්ට එරෙ­හිව කට­යුතු කිරීම පහසු කට­යු­ත්තක් නොවේ. ඊට හේතුව වන්නේ මෙම ප්‍රහාර එල්ල කිරීම සැඟවී සිදු කර­න්නක් බැවිණි. ඇතැම් විට අන්ත­ර්ජා­ලය හරහා සිදු කරන හැක් කිරීම් ආදි­යට නොව මුදල් ඇදීම වැනි අප­රා­ධ­ව­ලට සම්බ­න්ධ­වූ­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම් සිදු කළ හැකි වෙයි. ඒනි­සාම එම සයි­බර් අප­රා­ධ­ව­ලට එරෙ­හිව කට­යුතු කිරී­මට ජාතික සම්මු­ති­යක අව­ශ්‍ය­තාව ඇති වී තිබෙන්නේ ඒ නිසාය.

අපේ හමු­දාව මේ සියල්ල සම්බ­න්ධ­යෙන් හොද අව­ධි­ය­කින් සිට කට­යුතු කර­නවා. එහි වැද­ගත් කොටස මෙන්ම වග­කීම හමු­දාවේ සෙසු අංශ­ව­ලට වඩා ශ්‍රි ලංක සාංඥා බළ­කාය මත පැවරී ඇත. ඒ වගේම එම බළ­කාය ඒ සම්බ­න්ධ­යෙන් දැඩි කැක­ප­වී­ම­කින් කට­යුතු කර­ගෙන යයි. මේ සඳහා වෙනම් අධ්‍යක්ෂ මණ්ඩ­ල­යක් ඇත. එම ජ්‍යෙෂ්ඨ හමුදා නිල­ධා­රීන් මෙම 75 සංව­ත්ස­රය සැම­රීමේ ප්‍රධාන අර­මුණ වන්නේ ද වර්ත­මා­නයේ සයි­බර් අව­කා­ශය හරහා සිදු­වන අප­රා­ධ­ව­ලට මෙන්ම අභි­යෝ­ග­ව­ලට මුහුණ දීමට කට­යුතු කිරීම වෙයි.


නව අදහස දක්වන්න