"ද ටෙම්පස්ට්" මුල්තැනට | දිනමිණ

"ද ටෙම්පස්ට්" මුල්තැනට

2018 සමස්ථ ලංකා නාට්‍ය හා රංග කලා උළෙලේ ශේක්ස්පියර් නාට්‍ය අංශය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලය ඉදිරිපත් කළ " ද ටෙම්පස්ට්" නාට්‍ය ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.ලංකාවේ පළාත් අටකින් පාසල් නවයක් මෙම අංශය සඳහා ඉදිරිපත් වී සිටි අතර මහින්ද විද්‍යාලය ඉදිරිපත් කළ නාට්‍යය සඳහා හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන අටක් ද හිමිවිය.

මහින්ද විද්‍යාලය මෙම අංශයෙන් නාට්‍ය ඉදිරිපත් කළ හයවන වතාව මෙය වන අතර එම හයවතාවේම ප්‍රථම ස්ථාන දිනා ගැනීම ද සමත් වූ බවත් සිසුන්ගේ දැඩි කැපවීම මත මෙම ජයග්‍රහණ ලබාගැනීමට හැකිවූ බවත් නාට්‍ය අංශය භාර ආචාර්ය රණසිංහ අධිකාරී මහතා පවසයි. හොඳම අධ්‍යක්ෂණය - රණසිංහ අධිකාරී මහතා විසින් ද හොඳම අංග රචනය - අවිශ්ක තත්සර සහ පසිඳු මේලක, හොඳම සංගීත නිර්මාණ සංයෝජනය - රවිඳු සචින්ත, හොඳම වේදිකා පරිපාලනය - ජනිත් හංසජ සහ ඩිල්ශාන් කාංචන, හොඳම නළුවා ප්‍රථම ස්ථානය - නිරෝශ් රත්නායක, හොඳම නළුවා දෙවන ස්ථානය - ඉමල්ක රවිශංක, හොඳම නළුවා තෙවන ස්ථානය - විකසිත පැහැසර යන සිසුන් විසින් ද දිනා ගත්හ. ගාල්ල මහින්ද විද්‍යාලයේ වත්මන් විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගේ අනුග්‍රහයෙන් හා නාට්‍ය භාර ආචාර්ය රණසිංහ අධිකාරී මහතාගේ මෙහෙයවීමෙන් නාට්‍ය ඉදිරිපත් කෙරිණි.

කරාපිටිය සමූහ
එස්. ලොකුකරවිට

නව අදහස දක්වන්න