බංග්ලාදේශය 1-1 කරයි | දිනමිණ

බංග්ලාදේශය 1-1 කරයි

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමග ඩකා හිදි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 218ක ජයක් අත්කර ගැනීමට සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කර ගැනීමට බංග්ලාදේශයට හැකිවිය.

ලකුණු 443ක දැවැන්ත ඉලක්කය හඹායන ගමනේදී සිම්බාබවේ පිල ඊයේ තරගයේ අවසන් දිනය ආරම්භ කළේ කඩුලු 8ක් අතැතිව ලකුණු 367ක් පසුපසිනි.

සිම්බාබ්වේ පළමු ඉනිමේ සාර්ථක පිතිකරු වූ බ්‍රෙන්ඩන් ටේලර් කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමේ සටනක නිරත වෙමින් දෙවැනි ඉනිමේදී ද ශතකයක් රැස් කිරීමට සමත් විය. එහෙත් මැද පෙළ සහ පසුපෙළ අසාර්ථක වීමෙන් සිම්බාබ්වේ පිලට පරාජය හිමිවිය. නොදැවී ලකුණු 106ක් රැස්කළ ටේලර්ගේ ඉනිම පන්දු 167ක් වැයවූ අතර හතරේ පහර 10කින් ඉනිම වර්ණවත් විය. පන්දු යැවීමේදී මෙහෙදි හසන් ලකුණු 38කට කඩුලු 5ක් දවාගත්තේය.

මුෂ්ෆිකුර් රහිම් තරගාවලියේ වීරයා ලෙසත්, ටයිජුල් ඉස්ලාම් අවසන් තරගයේ වීරයා ලෙසත් සම්මාන දිනා ගත්හ.

බංග්ලාදේශ පළමු ඉනිම - 522/7යි. මුෂ්ෆිකුර් රහීම් නොදැවී 219,

මොමිනුල් හක් 161, මොහෙදි හසන් නොදැවී 68 (කයිල් ජාවිස් 71/5) සහ දෙවැනි ඉනිම - 224/6යි. මහමුදුල්ලා නොදැවී 101, මොහොමඩ් මිතුන් 67

සිම්බාබ්වේ පළමු ඉනිම - 304යි. බ්‍රෙන්ඩන් ටේලර් 110, පීටර් මුවර් 83, බ්‍රයන් චාරි 53 (තයිජුල් ඉස්ලාම් 107/5, මෙහෙදි හසන් 61/3) සහ දෙවැනි ඉනිම - 224 (ඕවර 83.1) බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී 106

නව අදහස දක්වන්න