සිසිත ඉන්ඩ­ස්ට්‍රීස් වෙත ව්‍යාපාර විශි­ෂ්ටතා තරු සම්මා­නය | දිනමිණ

සිසිත ඉන්ඩ­ස්ට්‍රීස් වෙත ව්‍යාපාර විශි­ෂ්ටතා තරු සම්මා­නය

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධාන කළ Star Award 2018 සම්මාන උළෙලේදී සිසිත ඉන්ඩස්ට්‍රීස් කළමනාකාර අධ්‍යක්ෂ සිසිත නුවන් රසංජන මහතා කුඩා පරිමාණ අංශයේ, සේවා කාණ්ඩයේ ව්‍යවසාය විශිෂ්ටතා තරු සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක සහ මහ ඇමැති සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන සිසිත ඉන්ඩස්ට්‍රීස් 1998දී ඇරැඹූ අතර පසුගියදා සිය 20 වැනි සංවත්සරය අභිමානවත් ලෙස සැමරීය.

හෝඩින්ග්ස්, ඩීලර් බෝර්ඞ්ස්, LED, ප්ලාස්ටික් හා ෆයිබර් නාම පුවරු සහ සේෆ්ටි සයින්ස්, 3D ලෙටර්ස් ආදිය මෙන්ම ස්ටේන්ලස් ස්ටීල් සහ වුඞ්න් සයින්ස්, ඩිජිටල් ප්‍රින්ටින් ආශ්‍රිත ෆ්ලෙක්ස්, ස්ටිකර්ස්, බැනර් ප්‍රින්ටින්, රිෆ්ලෙක්ටිව් ස්ටිකර්ස්, ප්ලාස්ටික් ෂෘ සහ රබර් මුද්‍රා වර්ග, වාහන ස්ටිකර් සහ අලංකරණ උපාංග, ලේසර් එන්ග්‍රේවින්, මග්, ක්‍රිස්ටල් ප්‍රින්ටින්, ස්කයි ලිෆ්ට් හයර් සහ ඇඞ්වර්ටයිසින් සම්බන්ධ සියලුම සේවා සිසිත ඉන්ඩස්ට්‍රීස් සපයයි. නවීන තාක්ෂණය යොදා ගනිමින් වඩාත් නිර්මාණශීලී ලෙස දැන්වීම්කරණය ආශ්‍රිත සියලු සේවා එකම වහලක් යටින් සපයන සිසිත ඉන්ඩස්ට්‍රීස් ප්‍රධාන කාර්යාලය 101, හැටන් පාර, ගිනිගත්හේන ලිපිනයේ පිහිටා ඇත. නිර්මාණශීලිත්වයෙන් සහ දක්ෂතාවෙන් පිරිපුන් සුහදශීලී කාර්ය මණ්ඩලයකින් සමන්විත සිසිත ඉන්ඩස්ට්‍රීස් ආයතනය දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ නව මංසලකුණු සටහන් කරන පුරෝගාමියෙකි.

නව අදහස දක්වන්න