ටොයොටා ලංකා ෆෝක්ලිෆ්ට් පාරි­භෝ­ගි­ක­යන්ට විශේෂ හමු­වක් | දිනමිණ

ටොයොටා ලංකා ෆෝක්ලිෆ්ට් පාරි­භෝ­ගි­ක­යන්ට විශේෂ හමු­වක්

ටොයොටා ලංකා (පුද්ගලික) සමාගමේ ෆෝක්ලිෆ්ට් අංශය වන ‘ටොයොටා ඉන්ඩස්ට්‍රියල් එක්විප්මන්ට්’ (Toyota Industrial Equipment) අංශය, සිය ප්‍රමුඛ පෙළේ පාරිභෝගිකයන් පිරිසක් වෙනුවෙන් විශේෂ හමුවක් පැවැත්වීමට පසුගිය දා කටයුතු කළේ ය. ‘ටොයොටා ප්ලාසා’ හිදී පැවති මේ උත්සවයට ටොයොටා ලංකා සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, ෆෝක්ලිෆ්ට් මෙහෙයුම් කණ්ඩායම සහ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.

‘ටොයොටා ලංකා සමාගම, රථවාහන සම්බන්ධ පරිපූර්ණ සේවාවක් ලබාදෙන මහා පරිමාණ සමාගමක් ලෙස කීර්තියක් දිනා සිටින සමාගමකි. මගී වාහන, බර වාහන හා අමතර කොටස් ආදිය මෙන්ම විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවක්ද අප වෙතින් ලබාගැනීමට හැකියාව ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ කර්මාන්තවල ප්‍රමුඛතම සමාගම් රාශියක් අපගේ ෆෝක්ලිෆ්ට් මෙහෙයුම් සම්බන්ධයෙන් විශ්වාසය තබා තිබෙනවා. ඒ අතරින් බොහෝ දෙනකු අද මෙහි පැමිණ සිටිනු දැකීම මට මහත් සතුටක්.‘ ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂිඕකා මහතා පැවැසීය.

නව අදහස දක්වන්න