ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදුකරන්න | දිනමිණ

ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදුකරන්න

කථානායකවරයා, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන  හමුවිය.

එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව එම පක්ෂ නායකයන් ජනාධිපතිතුමාට පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව නැවත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් පවත්වන ලෙස ජනාධිපතිවරයා පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න