මන්ත්‍රී 122 අස්සන් ලේඛනය ලැබීමෙන් පසු ජනපති ව්‍යවස්ථාවට අනුව කටයුතු කරාවි | දිනමිණ

මන්ත්‍රී 122 අස්සන් ලේඛනය ලැබීමෙන් පසු ජනපති ව්‍යවස්ථාවට අනුව කටයුතු කරාවි

සිතාරා සේනානි, චමීර ඇල්ලදෙණිය,

අලුතින් පත් කැරුණු අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට මන්ත්‍රීවරුන් 122 කගේ අස්සන් සහිත ලේඛනය ලැබීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

එසේම, ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයකු පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන තෙක් වත්මන් අගමැතිවරයා සිය ධුරයේ වැඩකටයුතු සිදු කරනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන්මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


නව අදහස දක්වන්න