හාරි­ස්ප­ත්තුවේ ගොවි පිරි­ස­කට උප­හාර | දිනමිණ

හාරි­ස්ප­ත්තුවේ ගොවි පිරි­ස­කට උප­හාර

හාරිස්පත්තුව ගොවිජන සේවා කාර්යාලයට අයත් උඩුවාවල බටහිර ගොවි සංවිධානය මඟින් ගොවිතැන් කටයුතු සදහා දක්වන ඉහළ දායකත්වය හා කැපවීම සැලකිල්ලට ගෙන එවන් ගොවින් පිරිසක් සදහා උපහාර දැක්වීමේ උළෙලක් පසුගියදා උඩුවාවල ප්‍රජා ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදි .එහිදී කෘෂි කර්මාන්තය වෙනුවෙන් ඉහළම දායකත්වක් සපයා තිබෙන කේ.බී. දස්කොන් , එම් . පොඩි මැණිකේ , සුමිත්‍රා විජයත්න , ලීලා බෝයගොඩ , කුමාරි ලේනවල ,යන ගොවි මහත්ම මහත්මීන්ට මෙහිදී උපහාර හා තිළිණ ප්‍රදානය කෙරිණි. මේ උපහාර ප්‍රදානය හාරිස්පත්තුව ගොවිජන සේවා නිලිධාරිනී ශ්‍රියානි නවරත්න මහත්මිය අතින් සිදු කෙරුණ අතර මේ ගොවි සංවිධානය සදහා අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙන ගොවි මහත්ම මහත්මීහූ සදහා නොමිලේ උදළු තලය බැගින් ලබා දීමටද සංවිධායක කමිටුව මඟින් කටයුතු කර තිබිණ . උඩුවාවල බටහිර වසම භාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන සහකාර නිලධාරී ඩී. යූ. මෛත්‍රීපාල මහතා විසින් සංවිධාන කර තිබු මේ ගොවි උපහාර උළෙල සදහා උඩුවාවල පුරාණ විහාරාධිපති මාතලේ ශීලවිමල හිමි ඇතුළු සියළු පාර්ශවයන්ගෙන් සහාය ලැබී තිබේ.

 

සටහන සහ ඡායාරූපය

කේ චන්ද්‍රරත්න මහනුවර දිසා සමුහ

නව අදහස දක්වන්න