රු. මිලියන 12.5කට අධික හෙරොයින් අල්ලයි | දිනමිණ

රු. මිලියන 12.5කට අධික හෙරොයින් අල්ලයි

රුපියල් මිලියන 12.5කට(ලක්ෂ 125කට අධික) අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
කඩුවෙල පොලිස් වසමේ කඩුවෙල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද(15) මෙම වැටලීම සිදු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
එහිදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකාර පුද්ගලයින් දෙදෙනාව හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 57 ක් හා එම මෝටර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට  ගත් සැකකරු අවුරුදු 36 ක් හා 37 ක වයස්වල පසුවන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. 
 
අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
 
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

නව අදහස දක්වන්න