‘ගජ’ තවත් දරුණු වන ලකුණු | දිනමිණ

‘ගජ’ තවත් දරුණු වන ලකුණු

කන්කසන්තුරේට කිලෝමීටර් 650 ක් දුරින් පවතින ‘ගජ’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                                                                    මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                                                   2018 නොවැම්බර් මස 14දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව අද දින උදෑසන 05.30 වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 660 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.1 සහ නැගෙනහිර දේශාංශ 85.3 ආසන්නයේ ස්ථානගතව පවතී.

ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට දින සවස් කාලයේ සිට උතුරු පළාතේ සුළගේ වේගය සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. යාපනය අර්ධද්වීපයේ මි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ සෙසු ප්‍රදේශවල මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රීක්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු පළාතේ, විශේෂයෙන් යාපනය අර්ධද්වීපය හරහා හමන තද සුළං (පැ.කි.මී. 60-70) ඇතිවිය හැකි අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 80 දක්වාවැඩි විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.

                                               ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                               2018 නොවැම්බර් මස 14දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව අද දින උදෑසන 05.30 වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 660 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.1 සහ නැගෙනහිර දේශාංශ 85.3 ආසන්නයේ ස්ථානගතව පවතී.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ.

ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුලං වේගය වැඩි විය හැකි අතර මුහුද ඉතා රළු වේ.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස උපදෙස් දෙනු ලැබේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදුප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

උතුරු සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවේ. දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

නව අදහස දක්වන්න