අගමැති පත් කරන තුරු මහින්ද ධුරය දරනු ඇති | දිනමිණ

අගමැති පත් කරන තුරු මහින්ද ධුරය දරනු ඇති

අගමැතිවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තුරු වත්මන් අග්‍රාමාත්‍යවරයා ධුරය දරනු ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කලේය.

මහින්ද සමරසිංහ සහ දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්විණ.

එහිදී අදහස් දක්වමින් මහින්ද සමරසිංහ පැවසුවේ, ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූලවට කටයුතු කරන බවයි.

නීතියට පටහැනි කිසිවක් ජනාධිපතිවරයා සිදු නොකරන බව ද මහින්ද සමරසිංහ සඳහන් කළේ ය.

නව අදහස දක්වන්න