එජාපය මහ මැතිවරණයට එරෙහිව අධිකරණයට ගියේ නියත පරාජයක් අත්වන නිසා | දිනමිණ

එජාපය මහ මැතිවරණයට එරෙහිව අධිකරණයට ගියේ නියත පරාජයක් අත්වන නිසා

චමීර ඇල්ලදෙණිය

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන්නේ ඉන් නියත පරාජයක් අත්වන බවට දන්නා නිසා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය.

මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එය වළක්වාලීමට කැසකවන්නේ මැතිවරණයේ පරාජය හොඳින් දන්නා බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (12) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,

මැතිවණයක් ප්‍රකාශයට පත් කළාට පසුව රනිල් වික්‍රමසිංහ මහතා යා යුත්තේ තානාපති කාර්යාල ගානේ නොවෙයි. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පසු ගමේ ජනතාව අතරට යායුතුව තිබියදී අධිකරණ ගානේ හෝ තානාපති කාර්යාල ගානේ යාමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය පෙනෙන්නට තිබෙනවා.ඉදිරි මැතිවරණ ප්‍රතිඵලයට අනුව තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ කණ්ඩායමට ලබා ගන්නවා.අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එළඹන පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා චමල් රාජපක්ෂ මහතා දේශපාලන නායකත්වය ලබා දෙන අතර, නාමල් රාජපක්ෂ මහතාත් එම දිස්ත්‍රික්කයෙන්ම ඉදිරිපත් වන නිසාවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කිසි විටක අත් හරින්නෙ නැහැ.එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු වස්තුවක් වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය වෙත ගෙන පාක්ෂිකයන්ට අවසානයේ දුකක් සහ වේදනාවක් ඉතුරු වු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න